34 වැනි පොලිස්පති සඳුදා (18) තේරීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා කියයි.
ජේ්‍්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් වන එස්.එම්.වික්‍රමසිංහ,පූජිත් ජයසුන්දර සහ චන්දන වික්‍රමරත්න අතරින් සුදුස්සා තෝරාගැනීම ව්‍යවස්ථාදායක සභාව සිදුකරයි.
පොලිස්පති එන්.කේ ඉලංගකෝන් මහතා පසුගිය 11 වැනිදා සිය ධූරයෙන් විශ්‍රාම ගත්තේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ස්ථිර වශයෙන්ම පූජිත් ජයසුන්දර තමයි පොලිස්පති. (නි)
පුජිත් ජයසුන්දර නම කිළුටු කරනොගත් අවංක, එඩිතර තරුණ නිලධාරියෙකි. ලංකාවට අවශ්‍ය එවන් නිලධාරීන් පිරිසකි. පොලිසිය පිරිසිදු කර මහජනතාවට මනාප ආයතනයක් බවට පත් කළහැක්කේ මොහු වැනි මනා කල්ක්‍රියාවකින් පොලිසිය තුළ සේවය කළ කෙනෙකුට පමණි. (නි)
මම නම් කියන්නේ චන්දන වික්‍රමරත්න පත්වෙනවා කියලයි (නි)
අපි මොනවා කිව්වත් මෙච්චර අමාරු රැකියාවක් තවත් නැතුව ඇති. අරයා කියන එක කරන්නත් ඕනෑ, මෙයා කියන එක නොකර ඉන්නත් ඕනෑ, අරක යට ගහන්නත් ඕනෑ, මේක ඉස්මතු කරන්නත් ඕනෑ... ඔක්කොටම හපන්, පහළින් ඉන්න අය කරන දේවලට කප්පරක් බැනුම් අහන්නත් ඕනෑ. (නි)
එක් අයෙකුගේ අදක්ෂතාවය නම් එච්.එන්.ඩී.ඊ සිසු ප්‍රශ්නයේදී රටටම පෙන්නුවා. සිසුවියගේ හිසට බැටන් පොල්ලෙන් තඩිබානවා පෙනි පෙනීත් අපට සිද්ධවුණා පොලිසියේ උඩුයටිකුරු කතාව අසාගෙන ඉන්න. (නි)
ශක්‍රයා පොලිපති වෙලා ආවත් ලංකාවේ දේශපාලන බලවතුන්ට අවනත නොවී රාජකාරිය කිරීමට ශක්තිය නැති බවයි මම විශ්වාස කරන්නේ (නි)