මෑත භාගයේ බිහිවූ පොලිස්පතිවරුන් අතරින් ආදර්ශමත් ලෙස සිය තනතුරේ ගෞරවය රැකගෙන කටයුතු කළ පොලිස්පතිවරයෙකු ලෙස එන්.කේ ඉලංගකෝන් මහතා ඉතිහාසයට එක්වන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (7) ප්‍රකාශ කළේය.
පොලිස්පති එන්.කේ.ඉලංගකෝන් මහතා අද(07) පෙරවරුවේ ජනාධිපති නිලනිවසේ දී ජනාධිපති හමු වී සිය විශ්‍රාම ගැනීම පිළිබදව නිලවශයෙන් දැනුම් දුන් අවස්ථාවේදී ජනාධිපති මේ බව සඳහන් කළේය.
වසර 5ක පමණ කාලයක් පොලිස්පතිවරයා ලෙස සේවය කළ ඉලංගකෝන් මහතාට මෙහිදි ජනාධිපති සිය සුබපැතුම් එක්කරමින් ඔහුගේ සේවාව අගය කළේය.
මෙරට 33 වන පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ එන්.කේ ඉලංගකෝන් මහතා ලබන 11 වැනිදා නිලවශයෙන් පොලිස්පති තනතුරෙන් විශ්‍රාම යාමට නියමිතය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නැතුව, නැතුව, කටේ මසුරන් දාන්න වටිනවා මේ කතාවට. (ම)
ජනවාරි 8 වෙනිදා මෙතුමා කළ ඒ විශිෂ්ට සේවයට අපි ණයගැතියි (නි)
2015 වෙනතුරු පොලිස්පතිලා මේ රටේ හිටියද කියලා අපිට දැනුනේ නැහැ (නි)
අනේ! මෙහෙම කෙනෙක් හිටියා කියලා පත්තරෙන් දැක්කහමයි මතක්වුණේ (නි)
හැබැයි පොලිසිය කරන වැරදි ඔක්කොම වහලා තනතුරේ ගෞරවය විතරක් රැකලා නම් වැඩක් නැහැ (නි)
වටිනාම වැදගත් දෙය නම් මෙතුමාගෙන් අපි දුටුවේ මනුස්සකම, විශ්වාසය හා අවංකකමයි. ඔබට අපේ උත්තමාචාරය!! (නි)
අනේද කියන්නේ . (හේ)
අනේ එ්ක මොකට කියනවද, පහුගිය කාලේ අපි දැක්කනේ පොලිසිය දේශපාලන පළි ගැනීම් කර කර ගෞරවය රැක්ක විදිය. (බ)
අපි ඒ බව දන්නවා.(හේ)
සුබ පැතුම් (බ)
ඉලංගකෝන් මහතා ඉතා අවංක දක්ෂ නිලධාරියෙකු හැටියට කීර්තියක් දිනා ගත් කෙනෙක්. පසුගිය වකවානුවේ එතුමාට එල්ල වූ අනිසි බලපෑම් ගැනත් ඒවායින් මිදෙන්න එතුමා දරු උත්සාහයන් ගැනත් පහු ගිය කාලයේ වාර්තා වුණා. අපේ රටේ දේශපාලන කුණු ගොඩෙන් ජරාව ඇඟේ නොගැවී රාජකාරි කිරීම ලේසි පහසු වැඩක් නෙමෙයි. විශේෂයෙන් මේ වගේ තනතුරක් දරන කෙනෙකුට. එ්ත් එතුමා බොහෝ දුරට සාර්ථකව ඒ අති දුෂ්කර කාර්යයත් කළා කියලයි මං හිතන්නේ. එතුමාට සුබ පතමි. (බ)
නැතුව, නැතුව, අැඹිලිපිටියෙනුත් ඒක හොඳට පෙනුනනේ. (බ)
රොහාන් දයාදර මහතා සමඟ මම 100%ක් එකඟයි (නි)
මට හිතෙන විදියට මේ කියන්නේ ජනවාරි අටවෙනිදා රාත්‍රියේ මෙතුමා ප්‍රජාතන්ත්‍රවාදය රැකගැනීම වෙනුවෙන් කළ කැපකිරීම ගැන වෙන්න ඕනෑ. (නි)
ඔබතුමාට සුබ අනාගතයක්! (නි)
ඔබතුමා ගැන අපි ඇත්තටම සතුටුවෙනවා (නි)
අවංකවම එහෙම කියන්න පුලුවන් නම් හරිම සතුටුයි (නි)
රාජකාරිය නියමාකාරයට කළේ රාජගිරියේ අනතුර වෙලවේදීද? එෆ්සීඅයිඩී එක ස්ථාපිත කළේ පොලිසියේ මොන නීති පොතෙන්ද? වත්තල මං තීරුව කැඩූ අයට විරුද්ධව ගත් ක්‍රියාමාර්ග මොනවද? (නි)
මෙතුමා ගේ නිතිය හා සාමය නිවැරැදී තීන්දුව නිසා තමයි 2015 නියම ජනමතය ප්‍රකාශය ක්‍රියාත්මක වුනේ නිවැරැදී තීන්දුවක් රටට ලැබුනේ .ඔබතුමාට චිරන් ජයතු ...(බ)