
(ඉන්දිකා රාමනායක)
රඹුක්කන ගැටුම සම්බන්ධයෙන් ආරම්භ කර ඇති පරීක්ෂණ වලට අදාලව පොලිස්පතිවරයා ඇතුලු උසස් පොලිස් කණ්ඩායමක් හෙට (22) පෙරවරුවේ ශ්‍රි ලංකා මානවහිමිකම් කොමිෂන් සභාව හමුවට කැඳවා ඇති බව එම කොමිෂන් සභා ආරංචි මාර්ග පවසයි.
පොලිස්පතිවරයා, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (මධ්‍යම පළාත), නියෝජ්‍ය පොලිස්පති (මධ්‍යම පළාත), ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි (කෑගල්ල), සහ කෑගල්ල හා රඹුක්කන පොලිස් ස්ථානාධිපතිවරුන් අද පෙරවරු 11.00 ට මෙලෙස මානව හිමිකම් කොමිසම හමුවට කැඳවා ඇති බවද එම ආරංචි මාර්ග පවසයි.
රඹුක්කන විරෝධතාව පාලනය කිරීම අතරතුර විරෝධතාවට එක් වු ප්‍රදේශවාසීන් සහ පොලිසිය අතර ඇති වු ගැටුම පිළිබඳව ශ්‍රි ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපතිනිය හා කොමසාරිස්වරුන්ගේ උපදෙස් මත, කඩිනමින් විමර්ශනයක් ආරම්භ කර ඇති බවද එම ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ සදහා අධ්‍යක්ෂවරුන් දෙදෙනකු, නියෝජ්‍ය අධ්‍යක්ෂවරයකු හා නීති නිලධාරියකු , මානව හිමිකම් නිලධාරියකු ඇතුලු විශේෂ කණ්ඩායමක් රඹුක්කන ප්‍රදේශයට ගොස් ඇති බවද එම ආරංචි මාර්ග සඳහන් කරයි.
සිද්ධිව සිදු වු ස්ථානීය නිරීක්ෂණය, විරෝධතාවට එක් වු ප්‍රදේශවාසීන් , සිද්ධිය පාලනය කිරීමට එක් වු පොලිස් නිලධාරීන් , සිද්ධිය වාර්තා කිරීමට එක් වු මාධ්‍යවේදීන්, අධිකරණ වෛද්‍යවරයා, රෝහල් කාර්ය මණ්ඩල, හමුවී තොරතුරු ලබා ගන්නා බවද එම කොමිසම් සභාව කියයි.
සියලු තොරතුරු ඇතුළත් කර මෙම කණ්ඩායම විසින් ඉදිරිපත් කරන වාර්තා පදනම් කරගෙන ශ්‍රි ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් ඉදිරියේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් රජය වෙත නිර්දේශ නිකුත් කරන බවද එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ පව්... පොලිසියට ලොකු අසාධාරණයක් වෙලා...!