IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


පොලිස්පති අවුලට ව්‍යවස්ථා සභාවත් උණුසුම්

(සුජිත් හේවාජුලිගේ)

පොලිස්පතිවරයා පත් කළ ආකාරය සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභා රැස්වීමේදී අද (26)  සිය විරෝධය පළ කර ඇතැයි වාර්තාවේ.

පොලිස්පතිවරයා පත් කළ ආකාරය ව්‍යවස්ථා විරෝධී බවද ඔහු එහිදී සඳහන් කර ඇත.

මෙහිදී කරුණු දක්වා ඇති කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව  අනුව තමා නිවැරදි තීරණය ගෙන ඇති හෙයින් මේ ගැටලුව තමාට හෝ ජනාධිපතිවරයාට හෝ විසඳිය හැකි එකක් නොවන බවයි.

මේ ගැටලුව විසඳිය යුත්තේ ශ්‍රේෂ්ඨාධිකරණයම බවද  ඔහු එහිදී සඳහන් කර ඇත.

අගමැති දිනේෂ් ගුණවර්ධන මහතාද ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය ගැන එහිදී  දීර්ඝව කරුණු දක්වා ඇතැයි දැනගන්නට ඇත.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද (26) පස්වරුවේ රැස්විය.

මෙම රැස්වීම පැවැත්වී  ඇත්තේ  පැයකට ආසන්න කාලයක් පමණි.



අදහස් (7)

පොලිස්පති අවුලට ව්‍යවස්ථා සභාවත් උණුසුම්

Nishan Saturday, 27 July 2024 04:42 AM

මේ වගේ වැදගත් සාකච්ඡා වලට අනුර නෑ නේ එයා විදේශ සවාරි වල නේ.

:       36       128

Pinjana Saturday, 27 July 2024 08:42 AM

මේක ව්‍යවස්ථා සභාවේ රැස්වීමක්. අනුර ව්‍යවස්ථා සභාවේ සාමාජිකයෙක් නෙවෙයි.

:       0       0

අරවින්ද මොනරවිල Saturday, 27 July 2024 10:43 AM

ව්‍යවස්ථාදායක සභාවට අනුරව පත්කරලා නැහැ කියලා නොදන්න මෝඩයෙක්ගේ කතාවක් ඕක.

:       0       0

සුපුන් චාමරSaturday, 27 July 2024 02:19 PM

මුලින්ම ව්‍යවස්ථාව හොඳට අධ්‍යයනය කරන්න. ඊට පස්සේ බලන්න මේ නිව්ස් එකේ තියෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ රැස්වීමක් කියලා. ඒකේ අනුර දිසානායක සාමාජිකයෙකු නොවෙයි. ලොරි ටෝක් දෙන්න ගිහින් තමන්ගේ නොදැනුවත්කම ප්‍රදර්ශනය නොකරන්න.

:       0       0

KumaraSaturday, 27 July 2024 07:38 PM

අනුර ව්‍යවස්ථාදායක සභාවේ නෑ කියලා නොදන්න කෙනෙක්...

:       45       13

Bandara Saturday, 27 July 2024 06:23 AM

විපක්ෂ නායකයට දැන් තමා මතක් වෙලා තියෙන්නෙ.

:       21       67

sunanda Saturday, 27 July 2024 09:53 AM

සරම උස්සගෙන කෑ ගහන්නේ නැතුව වැඩබලන පොලිස්පතිවරයකු පත් කිරීමට අවශ්‍ය නීති සම්පාදනය කරන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 589 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 291 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1091 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site