IMG-LOGO

පොලිස්ථානවලට විශේෂ චක්‍රලේඛයක්

(ඉන්දිකා රාමනායක)

දිවයින පුරා  ක්‍රියාත්මක පවතින තත්ත්වය මත නිතිය හා සාමය තවදුරටත් ආරක්ෂා කර ගැනීම සඳහා  සෑම පොලිස් බල ප්‍රදේශයකම  අපරාධ වැළැක්වීමේ ජංගම සංචාර වැඩි වශයෙන්  ක්‍රියාත්මක කළ යුතු බව පොලිස්පතිවරයා සියලුම පොලිස් ස්ථාන වෙත  විශේෂ චක්‍රලේඛයක් මගින්  දැනුම් දී ඇති බව පොලිස් මුලස්ථාන ආරංචිමාර්ග පවසයි.

සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ පුද්ගලයන්, ප්‍රචණ්ඩකාරී ක්‍රියාවන් වල නිරත වීම සහ විවිධ අපරාධ වල නිරත වීම සඳහා පෙළඹවීම් සිදුකරන බවට බුද්ධි අංශ මගින් තොරතුරු හෙළි කර ගෙන ඇති බවත්  අනවශ්‍ය පරිදි පුද්ගලයන් ඒකරාශී ඒකරාශි වැළැක්විය යුතු බවද බව ද පොලිස්පතිවරයා චක්‍රලේඛය මඟින් දැනුම් දී ඇත.

ඒකරාශී වීමෙන් සිදු කරන ප්‍රචණ්ඩ ක්‍රියා සහ අපරාධ වැළැක්වීම සඳහා උපරිම ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් , අවශ්‍ය  අවස්ථාවන්වලදී  වෙඩි තැබීමේ උපදෙස් ද ක්‍රියාත්මක කර  අපරාධ හා ප්‍රචණ්ඩ ක්‍රියාව වැළැක්විය යුතු බවද පොලිස්පතිවරයාගේ චක්‍රලේඛයේ සඳහන් වේ.

මේ නියෝගය සියලුම ජ්‍යෙෂ්ඨ  නියෝජ්‍ය පොලිස්පතිවරුන්., සහ දිසා භාර නියෝජ්‍ය පොලිස්පතිවරුන් , කොට්ඨාශ භාර  නිලධාරීන්  ඇතුළු උසස් නිලධාරීන්  වෙත යොමු කර ඇති බව ද එම ආරංචි මාර්ග වැඩිදුරටත් ආරංචිමාර්ග වැඩිදුරටත් පවසයි.

 

 



අදහස් (0)

පොලිස්ථානවලට විශේෂ චක්‍රලේඛයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 51 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 441 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 877 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site