අකුරැස්ස පොලිස් ස්ථානයේ චෝදනාගාරයේ ආයුද ගබඩා කරන පෙට්ටියක තිබූ රිවෝලර්වරයක් සොරකම් කිරීම සම්බන්ධයෙන් එහි සැරයන්වරයකු, ඔහුගේ මස්සිනා සහ තවත් පුද්ගලයකු සැකපිට ප්‍රශ්න කිරීම සඳහා අත්අඩංගුවට ගත් බව මාතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි.
සැකකාර සැරයන්වරයා විසින් සොරකම් කළ රිවෝල්වරය මස්සිනා මාර්ගයෙන් බෙලිඅත්තේ සැකකරුට රුපියල් දස දහසකට විකිනා ඇතැයි මූලික පරීක්ෂණවලින් හෙළි වී ඇත.
මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් සැකකාර සැරයන්වරයාගේ වැඩ තහනම් කිරීමට නියමිතය.
දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතාගේ උපදෙස් මත මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී දේශබන්දු තෙන්නකෝන්, සහකාර පොලිස් අධිකාරී රවීන්ද්‍ර අඹේපිටිය මහත්වරුන්ගේ අධීක්ෂණයෙන් මාතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ධම්මික හපුගොඩ, පොලිස් පරීක්ෂකවරුන් වන ඩබ්ලිව් එච් ජයරත්න, පී එස් සී සංජීව සහ උප පොලිස් පරීක්ෂක එස් එච් දමින්ද මහතා ඇතුළු නිලධාරීහු පරීක්ෂණ පවත්වති.
2025 දෙසැම්බර් මස 18
302
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
200
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
998
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පොලිස් සැරයන්වරයකුත් සැකපිට
රුක්මන් Friday, 05 July 2013 09:05 AM
පොලීසිය ආමි එකට ඇතුළත් කරලා ආමි එක යටතේ රාජකාරි ඉටුකිරීමට යෙදවිය යුතුයි. මෙය කළොත් ලංකාවේ හොරමැරකම්, නීතිවිරෝධී වැඩ අඩුවී යාවි (නි)
සුමේද Friday, 05 July 2013 02:41 PM
උතුරු කළුතර පොලිසියෙ කෙනෙක් මේ පිස්තෝලය උස්සන්න ඇති බව තහාවූරුනේ. මෙ අයට පිස්තෝල වලින් අනාගතේට කරන්න වැඩ ඇතැයි අපි සිතනවා. (ත)
මොහොමඩ් Thursday, 04 July 2013 11:23 PM
මරේ මරු පොලිසිය බල්ලට ගිහින්.(නදී)
ලකී ජයසූරිය ලන්ඩන් Friday, 05 July 2013 03:16 AM
ඔය පිස්තෝලේ අපිටමයි පත්තු වෙන්නේ. ඒ නිසා උපරිම දඩුවම් දෙන්න. (නි)
මැක්සි Friday, 05 July 2013 03:50 AM
ඕකට තමයි කියන්නේ ඇඟේ අමාරුවට කහලා මග දන් දුන්නා වාගේ කියාලා,,,,,,,.මස්සිනාගේ අම්පාන්නේ පෙන්නලා.(නදී)
බමුණු Friday, 05 July 2013 07:07 AM
අනේ, මටත් එකක් හොයලා දෙන්න බැරිද? (නි)
වරුණ Friday, 05 July 2013 07:20 AM
ලංකාවේ පොලිසිය හැමදාමත් හොරු සමග හෙළුවෙන්. කාකි කබාය සහ මායාකාර හොරු (නි)
මධුර Friday, 05 July 2013 01:29 PM
.රුක්මන් පොඩ්ඩක් ඔයාගේ ඔලුව අතගාලා බලන්න මොනවත් අතට අහුවෙනවද කියලා. (අ)