අකුරැස්ස පොලිස් ස්ථානයේ චෝදනාගාරයේ ආයුද ගබඩා කරන පෙට්ටියක තිබූ රිවෝලර්වරයක් සොරකම් කිරීම සම්බන්ධයෙන් එහි සැරයන්වරයකු, ඔහුගේ මස්සිනා සහ තවත් පුද්ගලයකු සැකපිට ප්‍රශ්න කිරීම සඳහා අත්අඩංගුවට ගත් බව මාතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි.
සැකකාර සැරයන්වරයා විසින් සොරකම් කළ රිවෝල්වරය මස්සිනා මාර්ගයෙන් බෙලිඅත්තේ සැකකරුට රුපියල් දස දහසකට විකිනා ඇතැයි මූලික පරීක්ෂණවලින් හෙළි වී ඇත.
මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් සැකකාර සැරයන්වරයාගේ වැඩ තහනම් කිරීමට නියමිතය.
දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතාගේ උපදෙස් මත මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී දේශබන්දු තෙන්නකෝන්, සහකාර පොලිස් අධිකාරී රවීන්ද්‍ර අඹේපිටිය මහත්වරුන්ගේ අධීක්ෂණයෙන් මාතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ධම්මික හපුගොඩ, පොලිස් පරීක්ෂකවරුන් වන ඩබ්ලිව් එච් ජයරත්න, පී එස් සී සංජීව සහ උප පොලිස් පරීක්ෂක එස් එච් දමින්ද මහතා ඇතුළු නිලධාරීහු පරීක්ෂණ පවත්වති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලීසිය ආමි එකට ඇතුළත් කරලා ආමි එක යටතේ රාජකාරි ඉටුකිරීමට යෙදවිය යුතුයි. මෙය කළොත් ලංකාවේ හොරමැරකම්, නීතිවිරෝධී වැඩ අඩුවී යාවි (නි)
උතුරු කළුතර පොලිසියෙ කෙනෙක් මේ පිස්තෝලය උස්සන්න ඇති බව තහාවූරුනේ. මෙ අයට පිස්තෝල වලින් අනාගතේට කරන්න වැඩ ඇතැයි අපි සිතනවා. (ත)
මරේ මරු පොලිසිය බල්ලට ගිහින්.(නදී)
ඔය පිස්තෝලේ අපිටමයි පත්තු වෙන්නේ. ඒ නිසා උපරිම දඩුවම් දෙන්න. (නි)
ඕකට තමයි කියන්නේ ඇඟේ අමාරුවට කහලා මග දන් දුන්නා වාගේ කියාලා,,,,,,,.මස්සිනාගේ අම්පාන්නේ පෙන්නලා.(නදී)
අනේ, මටත් එකක් හොයලා දෙන්න බැරිද? (නි)
ලංකාවේ පොලිසිය හැමදාමත් හොරු සමග හෙළුවෙන්. කාකි කබාය සහ මායාකාර හොරු (නි)
.රුක්මන් පොඩ්ඩක් ඔයාගේ ඔලුව අතගාලා බලන්න මොනවත් අතට අහුවෙනවද කියලා. (අ)