දැදිගම
දැදිගම කණදෙනියේදී කොළඹ සිට මාතලේ බලා යමින් සිටි බසයක ටයරයක් පුපුරා අනතුරට ලක්විමෙන් මගීහු 28 දෙනෙක් රෝහල්ගත කරනු ලැබූහ.
කොටහේන
කැලණි පාලම යටදී හෙරොයින් කුඩු ග්‍රෑම් 50 ක් සහ මිලි ග්‍රෑම් 100 ක් ලග තබාගත් සැකකාරියක අත්අඩංගුවට ගනු ලැබීය.
සිලාවතුර හා කොලොන්න
කන්තේගමින් මාදුරුඔය රක්ෂිතයට ඇතුලු වී නිදන් හාරමින් සිටි සැකකරුවන් හය දෙනෙක් ද කොලොන්න එගොඩකන්ද දොළ අසළ දි නිදන් හාරමින් සිටි පුද්ගලයන් හත් දෙනෙක් ද උපකරණ ද සහිතව අත්අඩංගුවට ගනු ලැබූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොදයි පැහැදිලියි (නි)
කුඩු කාරයින්ට පොතේ හැටියට මරණ දඬුවම දුන්නත් ඒක ක්‍රියාත්මක වෙන්නේ නැහැනේ. සිංගප්පුරුවේ මරණීය දණ්ඩනය දෙනවා වගේම ක්‍රියාත්මක කරනවා. එහෙ මත්ද්‍රව්‍ය භාවිතය 2008 දී ජනගහනයෙන් .013% යි. ඒ රජය විශ්වාශ කරනවා ඒක අතකින් පුනරුත්තාපනයත් අනික් අතින් දැඩි දඬුවම් දීමත් නිසා ලෝකයේ මත්ද්‍රව්‍ය උවදුර අඩුම රටක් බවට පත්වෙන්න හැකි වූ බව. අපි මොකද කරන්නේ? නිසි පුනරුත්ථාපනයක් කරන්නෙත් නෑ. එල්ලන්නෙත් නෑ. (අ)