වාලච්චේන
වාලච්චේන ඉලුක්පඩිචේනේදි ගල්පරයක සඟවා තිබූ ගිනි අවියක් සොයා ගනු ලැබීය.
කතරගම
අනවසරයෙන් මී ගවයන් හය දෙනකු ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවෙන් හතර දෙනෙක් අත්අඩංගුවට ගනු ලැබූහ.
බකමූණ
අත්තනකඩවල යෝධ ඇලේ අවුරුදු හැටක් පමණ වයසැති කාන්තාවකගේ සිරුරක් පාවෙමින් තිබියදී සොයා ගැණිනි.
කන්තලේ
කන්තලේ වැවේ දිය නෑමට ගිය 48 හැවිරිදි පුද්ගලයෙක් දියේ ගිලී මියගියේය.
නාවලපිටිය
රඹුක්පිටියේ පස් කන්දක් කඩා වැටී 80 හැවිරිදි කාන්තාවක් මිය ගියාය.
හැටන්
දික්ඕවිටදී ගං වතුරට හසුවී 62 හැවිරිදි මිත්තණිය හා හත් හැවිරිදි දැරියක් ද ලිඳුල දී පස් කණ්ඩියකට යටවී පස් හැවිරිදි දැරියක් ද මියගියහ.
අංකුඹුර
හක්කුණුවැල්ල පාලම මතින් ගමන් කළ ත්‍රී රෝද රථයක් ගංවතුරට හසුවී ගසාගෙන යාමෙන් එහි රියදුරු අතුරුදන්ව ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd