පොලිසියෙන් යැයි කියමින් ලග්ගල මැණික් ව්‍යාපාරිකයෙකුගේ ගෙදරට ගිය කොල්ලකරුවන් පිරිසක් රුපියල් කෝටි එක හමාරක පමණ මැණික් සහ රත්තරන් පැහැරගෙන ඇතැයි පොලිසියට පැමිණිලි කර ඇත.
වලාන දූෂන මර්ධන ඒකකයෙන් බව කිවූ පිරිස ව්‍යාපාරිකයාට මුලින්ම මාංචු දමා සෙසු අයව කාමරයකට දොරගුළු දමා මෙම කොල්ලය සිදු කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කුමාරි, රජුන් අදමිටුවත්..වෙති මතිදොද එපවත් ...දැක උන්ග්ගේ පැවැත් ..බමුණු අත වැසියෝද උගනිත්..
සෙන්සා ගේ අදහස තමා නිවැරදිම. අපේ රටේ අපිට බයෙන් ජීවත් වෙන්න සිද්ධ වෙලා තියෙන්නෙ. හරි අධ්‍යාපනයක් නැති අයව තනතුරුවලට යවලා දැන් හූල්ලනවා. (ත)
පොලිස් ලොක්කෙක්ගේ පවුලද දන්නේ නෑ නේද? (ත)
සුජිත්, හැමදේම ඉතින් කරුමෙට බාරදිදී හිත හදාගමු.එතකොට නීතියක් ඕනෑ නැහැ.එතකොට අහිංසකයෝ මැරිච්ච වෙලාවල් නැද්ද? ඒ මොන කරුමේ පලදීලද? ඒක ගිය ආත්මේ එකවුන්ට් එකෙන් ආපුව කියයි දැන්. මහත්තයෝ, රටේ නිතිය වල්වැදිලා. ඒක කියන්න වෙන කතා නොකියා. (නි)
මෑතකදී සිදුවුණ මංකොල්ල මතක් වෙනකොට ඇත්තටම පොලිසියේ අය ගැන පොඩි සැකයක් මතුවෙනවා . (ත)
කලෙකිනි බුදු කෙනෙකුන් උපදින්නේ දුකකිනි මිනිසත් බව ලැබගන්නේ මෙදෙකිනි මෙසසර දුක් දුරලන්නේ දුදනෙනි කිම වීරිය නොකරන්නේ? (නි)
පොලිසියේ පුහුණුවේ විනය සම්බන්ධ යම් දෙයක අඩුපාඩුවක් නිසයි මේ වගේ වෙන්නේ, කියලයි මට හිතෙන්නේ. මේක මිනිස්සුන්ගේ වැරැද්ද නෙමේ ආයතනයේ වැරැද්ද (නි)
මේකේ නඩු අහන්නේ හරියට ප්‍රතිචාර දාන අය වගේ. නඩුත් අහලා තීන්දුවත් දීලා ඉවරයි වගේ (නි)
දැන් කක්කුට්ටෝ ඔක්කොම කෙලින් යනවද? නැහැ නේද ? එහෙනම් පොඩි උන් ගැන මොන කතාද? (නි)
ඔය හොරු කොහොම ඇල්ලුවත් පගාව දීලා එලියට එනවා.ඒක නිසා කවදාවත් ඕවා නතර කරන්න බැහැ.මුලින්ම උල තියන්න ඕනෑ පගාව ගන්න අයව.පව් අපේ රටේ මිනිස්සු. (නි)
අපේ පොලිසිය ෂුවර් නැති එකේ චිනේන්වත් පොලිසිය ගේන්න වෙයිද දන්නේ නෑ. (අ)
අනේ අනිල්,අපි නිකන් ලියනවා විතරයිනේ. වැරදි කරන කාටවත් තාම දඩුවමක් දුන්න කියල දැනගන්න ලැබුනද....? නැහැනේ....!!!! (නි)
පොලිස් වෙසින් ද පොලිසියෙන්ම ද දන්නෙත් නැහැ දැන් වෙන වැඩ වල හැටියට (අ)
හොරකම කියන එක අද විතරද වුනේ. ඇයි පොලීසියට දොස් කියන්නේ? (නි)
රටේ අපරාධ, දුෂණ සියල්ලටම දැඩි නීති ගෙනවා නම් රට නිකන්ම හැදෙනවා. මිනිස්සුත් හැදෙනවා (නි)
මේ වගේ දේවල් සිද්ද නොවුණොත් බුදු බන බොරු වෙනවා (අ)
සෙන්සා, ඔයාගේ අදහසට මමත් 100% එකගයි. අත්තටම දුක හිතෙනවා (නි)
ලංකාවේ ජීවත්වෙන සාමාන්‍ය අහිංසක මිනිස්සුන්ට දෙයියන්ගේම පිහිටයි. (ත) දේවෝ වස්සතු කාලෙන සස්ස-සම්පත්ති හෝතුච පිතෝ භවතු ලෝකොච රාජා භවතු ධම්මිකෝ !!!!!
කටින් ආර්ථික සංවර්ධනය ,සංස්කෘතිය ,සදාචාරය ,අශ්චර්යය ගැන කොතරම් පම්පෝරි ගැසුවත් යථාර්තය ඇස් දෙකට පෙනෙනවා .මීට කලකට ඉහත නම් අපිට දකින්නට ලැබුනේ ක්‍රම ක්‍රමයෙන් ධනවතුන් වූ පුද්ගලයනුයි.නමුත් අද දක්නට ලැබෙන්නේ ,එක රැයින් ධනවතුන් බවට පත් වෙන අයයි. කුමන අයුරින් සිදුකලත් හොරකම ,හොරකමමයි .මනෝහරන් ,ඔබ හරි.යුගයට ගැලපෙන අදහස පළකර තිබෙනවා.ඔබට තුතී. (නි)
මිනීමැරුම් ,මංකොල්ලකෑම්, ස්ත්‍රී දුෂණ, පැහැර ගැනීම්, කප්පම් ගැනීම් මේ සියලුම වැඩ කරන අයට ඉස්සර කිව්වේ පාතාලය කියලා. දැන් කියන්නේ පොලිසිය කියලා. ශ්‍රී ලංකාවේ ආශ්චර්ය නිසාද එහෙම වෙලා තියෙන්නේ. (නි)
ඉස්සර ත්‍රිවිද හමුදාවට බඳවාගතේ පවුල් පරිසරය හොයල. (අ)
දැන් ඉවසුවා ඇති පොලීසීය පොලිෂ් කරමු පොලිස්පතිතුමනි. ඔබතුමාට පුළුවන්!!!. (ත)
මේවා දකිනකොට තමඊයි ලංකාව දාල වෙන රටකට ආව එක කොයි තරම් හොදද කියල හිතෙන්නේ. (ත)
ජනතාව දැන්වත් තේරුම් ගනීවිද මොකක්ද අපේ රටටේ වෙන්නේ කියා. හැම දම එකම මෝඩ කම නොකරමු. (අ)
ඉස්සෙල්ලම නැහැදිච දේශපාලකයෝ ටික එල්වන්න ඕනෑ. ඊට පසු නීතිය හදන්ඩ ඕනෑ. (නි)
දැන් බලනකොට පොලිසියෙ ඉන්න තරමක් ඉන්නෙ හොරුනේ (නි)
කුමාරි , ඔයත් මොනවා කියනවද මන්දා? නින්ද නැතුව හීනයක්වත් දැක්කද? (නි)
මොකක්ද මේ ලංකාවට වුන විපත්තිය? (නි)
මම අද පත්තරේක දැක්කා එක්තරා පාසලක ගුරුවරියෝ පස් දෙනෙක් ගණිකා වෘත්තියේ යෙදෙන ගමන්ම එම විදුහලේ සිසුවියෝ ගණනාවක් ගනිකා වෘත්තියේ යොදවලා. ඇතැම් සිසුවියෝ ගැබ් අරන්.මිනිසුනේ හීනෙන්වත් හිතපු දේවල්ද මේ. (නි)
බුදුහාමුදුරුවො අපිත් දකින්නැති.....බණත් අහන්නැති ඒ කාලේ..... නිවන් දකින්නට පින් මදි වෙන්නැති..... ඒකයි තවමත් සංසාරේ...... (නි)
ලංකාවේ පොලිසිය හදන්න තියෙන එකම ක්‍රමය විදේශික ජාතින් පොලිසියට අනුයුක්ත කොට ලාංකිකයින් ඉවත් කිරීමයි (නි)
පොලිසියෙන් කියලා මොනවා කිවුවත් අපිට විශ්වාස කරන්න බැරි කාලයක් මේක (නි)
දැන් රටේ ඉන්න මිනිස්සු කොච්චර බයෙන් සැකෙන්ද ඉන්නේ? එදා යුද්ධය තිබුනට වඩා බයානක තත්වයක් අද රටේ තියෙන්නේ.මේකද ආශ්චර්යය කියන්නේ? (නි)
ෆසිල් , ෂරිය නිතිය නම් අපිට කොහෙත්ම අවශ්‍ය නැහැ. තියෙන නිතිය සාධාරණව යුක්ති සහගතව ඉටුවෙනවා නම් ඒ ඇති. (නි)
සෙන්සා, ඔබේ කතාව හරියටම හරි (නි)
මේවා ඒ පැත්තේ දේශපාලනඥයන්ගේ වැඩ. (ත)
අනිවාර්යයෙන්ම මේක පොලීසියෙ වැඩක් කියලයි මම නම් කියන්නේ (නි)
පොලිසියත් ෂුවර් නැති කාලයක් මේක?(අ)
මාංචු තිබ්බා නම් මේකට පොලිසියේ කව්රු හරිත් සම්බන්ධ ඇති.(නදී)
මම නම් කියන්නේ ෂුවර් එකටම පොලිස් තමයි. ඩි.අයි.ජි. ලා කොන්ත්‍රාත් අරන් කුලියට මිනි මරනවානම්, පි.සි. ලාත් පොඩි පොඩි ගේම් දෙන එක පුදුම වෙන්න දෙයක් නැහැනේ. (ත)
මේවා අපි කාට නම් කියන්නද
දැන්නම් පොලිසිය විසුරුවලා අලුතින්ම පොලිසියක් හදන්න වේවි වගේ.රටකට ගිය කලක් (නි)
පොලීසියෙ මිනිස්සු ප්‍රසිද්ධියෙ අපරාධ කරනකොට,මෙහෙම රඟපෑම් පුදුමයක් නොවෙයි. (නි)
එහෙනම් ඇයි හැම එකකටම අපේ රට අපේ රට කියා කියා අනිත් ජාතීන්ට හිරිහැර කරන්නේ?දැන් තේරෙනවද ඔයාලගේ රටේ වෙන දේවල් ගැන?තමිල්නාඩු පොලිසිය මීට වඩා දාස් ගුණයකින් හොදයි. මේ වගේ දේවල් එහෙ කිසිදාක වාර්තා වෙලා නැහැ. (නි)
ලංකාවේ දැන් ජිවත් වීම ඉතාම භයානක දෙයක්. මේවට වගකිව යුත්තේ පවතින රජය. හිතුමතේ පොලිසියට ගෙවල් වලට පැනීම තහනම් කළ යුතුයි. එයට පෙර උසාවියකින් ලබාගත් බලය ඔවුන්ට පෙන්වා ගෙයකට ඇතුල් වීම කළ යුතුයි. පොලිස් නිල ඇඳුම් හමුදා නිල ඇඳුම දාගත් අයගෙන් අද ඇතිවන හිරිහැර අපමණයි. නමුත් මේවට පිළියම් නැහැ. (නි)
එතකොට විමල්, ඔයත් එනවද ඒ අලුත් පොලිසියට? (නි)
ලංකාවේ පුරවැසියෝ අන්ත අසරණ ජාතියක්. නීතියක් නැති,ආර්ථික නිදහසක් නැති,වැදගත් දේශපාලනයක් නැති,විනාශ වන සංස්කෘතියක් ඇති,කථාකරන්න හිතන්න නිදහසක් නැති, කියන දේ දිහා ඔහේ බලාගෙන ඉදලා තියන දේ අනුභව කර ජිවිතය ගෙවන ජීවීන් කොටසක්. (නි)
අවංක පොලිස් නිලධාරීන් මහජනයාට මුහුණ දෙන්නෙ කොහොමද මෙහෙම වෙනකොට? (නි)
අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා... බුදු හාමුදුරුවනේ. (නි)
මේකට සම්බන්ද අයව සොයා ගතහොත් මේකේ පසුපස පොලිසිය ඉන්නවද නැද්ද හොයා ගන්න පුළුවන්. ලංකාවේ පවතින දඬුවම් ලිහිල්කමත් නීතියේ ඇති අඩු පාඩු නිසාත් මොවුන් අල්ලා ගත් පසු ආපසු ඉක්මනින් එළියට එනවා (නි)
කොච්චර කිවත් වැඩක් නැහැ.ඔය හොරු ඇල්ලුවත් වැඩක් නැහැ. මොකද කිසිම කෙනෙකුට නිසි දඩුවමක් දෙන්නේ නැහැනේ. එක්කෙනෙකුට දුන්නා නම් හොදට රිදෙන දඩුවමක් අනෙක් අයටත් රිදෙන්න , නිකම්ම හොරමැරකම් නවතීවි. (නි)
මෙහෙම ගියොත් පොලිසිය ගැන මහජනතාවට විශ්වාසය නැති වෙයි (නි)
සෙන්සා, ඔබේ කියමන ඉතා අගේ කරමි. ඉතාම කාලෝචිත ප්‍රකාශයකි. (නි)
නීතිය සාමය රකින ආයතන පාව දෙන මිනිස්සු අද රටෙ ඉන්නව..(අ)
දැන් මේවා ලංකාවේ සාමාන්‍ය දේවල් වෙලා (නි)
මිනිසුන් හදන්න ඕනෑ නම් අපරාධ සම්බන්ධ මුල ගලවලා දාන්න ඕනෑ (නි)
ඒත් බහුතර හොරකම් වලට දැන් පොලිසිය සම්බන්ධයිනේ. නේද? (නි)
සමහර අය අදහස් කරලා තියෙනවා නිසි දඬුවම් දෙන්නෙ නැහැ කියලා.එතකොට මොන දඬුවම් ද දෙන්න ඕනෑ?වැරදී මර්දනය කරන්න ඕනෑ නම් ෂරිය නීතියෙන් දඬුවම් දෙන්න ඕනෑ වෙයි. (නි)
පළාත් සබා පොලිසි පටන් ගන්න. පාතාලයට අවි දෙන්න. පළාත් පළාත් මංකොල්ල කන්න. හැදෙන අය හැදේවි. මැරෙන අය මැරේවි. (නි)
පොලිස් වෙසින් ගියා නම් ඉතින් පොලිසියෙන් තමා. වෙන අයට නිල ඇදුම්, මාංචු තියෙනවයැ?දැන් ඉතින් ලංකාවට වඩා අපාය හොදයි මට නම් (නි)
මේ අපරාධකරුවන් අල්ලලා අත, පය, නියපොතු ගලවලා ඇස් උගුල්ලන්නයි තියෙන්නේ, රජ කාලේ විදියට (නි)
පොලිස් නමින් දැන් හැම තැනම හොරු මංකොල්ලාකාරයෝ. (ත)
නීති ගේන්නේ කොහොමද? එතකොට පාර්ලිමේන්තුවේ සමහර කට්ටියට මොකද වෙන්නේ? (නි)
පහසුවෙන් සල්ලි හොයන්නනේ කව්රුත් බලන්නේ.කවදාවත් වැරදි විදියට හොයන සල්ලි පලදෙන්නෙ නැහැ.වැරදිකාරයො කවදාහරි අහුවෙනවා.ඌරව මරන්න ගිය කෙනාට එවෙලේම වුනදේ කව්රුත් බලන්න ඇතිනේ.බුදුදහමට කාටවත් බොරුකරන්න බැහැනේ. (නි)
අනේ ඇත්තට මගේ රටට මොකක්ද මේ වෙලා තියෙන්නේ?යුද්දේ ඉවර වෙලා නිදහස ලැබුනේ මේකටද? දැන් මේ විදියට ඇමතිවරුන්ගේ පමණක් නොවේ අස්සක් මුල්ලක් නැර තියන හැම රාජකාරියක්ම කරන්න වෙන්නේ ජනාදිපතිතුමාටමයි.ඔක්කොම ඉන්නේ හොරුනේ. (අ)