පානදුර වලාන දූෂන මර්ධන ඒකකයේ ස්ථානාධිපති ලෙස රඟ පාමීන් කුරුණෑගල දඹුල්ල පාරේ රියදුරන්ට බැන වැදී කළබල කළැයි කියන පානදුරයේ හිමිනමක් අත් අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
සිවුර බෑගයක දමාගෙන කලිසම් කමිස ඇඳ සිටි බව කියන මෙම හිමියන් අද මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
ඡායාරූපය මොහොමඩ් බුහාර්ඩීන්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෙස් මුහුණු බැඳන් ආවාට හැමෝම රවටන්න බැරි බව මේ චිවරධාරියා දැන නොසිටින්න ඇති. මේ අයට දෙන දඬුවම මොකක්ද? (නි)
හොඳ මෙහෙයුමක් (නි)
අනේ අපේ ලංකා (නදී)
මේ අය චීවරදාරියෝ (නදී)
මෙයාව හිරේට දාන්න එපා. බොදු බලයට බාරදෙන්න. තකට තක. (නදී)
අනේ ඇත්තට මෙහෙමත් විහිළු වැඩ? (නි)
පව් අාසාවෙන් එන්න ඇති පොලිසියට බැදෙන්න. කරගන්න බෙරි වෙන්න ඇති. අපවත් වෙන්න කලින් එය ඉටුකරගන්න හදලා තියෙන්නේ සමාව දෙන්න (නදී)
සිවුරු දාගත් බොහෝ දෙනෙක් සිවුරේ ගෞරවය සහ බුදු දහමේ ගෞරවය නැති කරනවා. අද සිවුරත් වෙළඳ භාණ්ඩයක තත්වයට පත්වෙලා. (නි)
අපේ නිල නොලත් පොලිසියේ සාමාජිකයෙක්ද දන්නේ නැහැ (නදී)
අර සේනා මේ සේනා හද හද රට කනවා ඇරෙන්නේ වෙන සාසනික සේවාවක් දකින්න අමාරුයි. (නදී)
අහන්න දෙයක් නැහැ අර සේනාවෙන් වෙන්න ඇති. (නදී)
අනේ! ගමේ පන්සලේ හාමුදුරුවෝ කොච්චර අගෙයිද? අනේ දෙවි හාමුදුරුවනේ, අපි දානයක්වත් දෙන්නේ කාටද කියන්නකෝ. (නි)
ලැජ්ජා නැද්ද මෙහෙම ශාසනයට නින්දා කරන්න? (නි)
උපරිම දඬුවම් දෙන්න (නි)
වැඩේ කියන්නේ පානදුරේම හිමිනමක්නේ පනදුරෙන් අල්ලාගෙන තියෙන්නේ.හිමි නමක් කියලා කියන්නත් ලැජ්ජයි වැඩේ නම්.(හේ)
ඇතුලේ වෙස් බැන්දට නටන්න වෙන්නේ එළියේ. හොරා පොලිස් කරන්න ගියද දන්නේ නැහැ. කෙසේ නමුත් සිවුරට නොගැලපෙන කෙනෙක් බව නම් හොදට පේනවා. "න සෝ කාසාව මරහති" (ධම්මපද) - හෙතෙම සිවුරට නොගැලපේ) (නදී)
සිවුර දාගෙන සාසනය විනාශ කරන්නේ නැතිව කරන දෙයක් සිවුර ගලවලා ගිහියෙක් හැටියට ඉගෙන කලානම් සාසනයටවත් යහපතක් වෙනාවා නේද? (නදී)
මෙහෙම ගියොත් අපි දානයක් දෙන්නෙත් ඇත්තටම කාටද කියල හිතා ගන්න බැරි වෙනවා. (නදී)
ඔයා ලෝකේ තියන ඔක්කොම දේවල් දන්නවා නේ (නදී)
මහනායක හිමිවරුනි. දැන් දැන් එන පොට හොඳ නැහැ. සංගායනාවක් කරමින් දුසිල්වත් චීවරධාරීන් සම්බුදු සසුනෙන් පන්න දමන්නට කටයුතු කරන්නට සාසනාලයෙන් කෙරෙන ආරාධනාවයි මේ. (හේ)
ගණන් ගන්න එපා'(හේ)
මෙය තමා සත්‍ය .දැන්වත් තේරුණා ඇති යන්තම්! බයෙත් බැහැ දැන් පොලිස් කාරයා කවුද කියා අඳුර ගන්න බැරි වෙනවා ඉස්සරහට.(හේ)
සිවුරු ඇඳුමක් වශයෙන් ඇඳගත් කෙනෙක් වෙන්න ඇති (නදී)
බන්දු, සංගායනාවක් කලොත් ඉස්සෙල්ලාම සුද්ධ කරන්න වෙන්නේ ඔය මහා කියන අය තමා. දන්නවානේ කකුළු අම්මාගේ කතාව. පැටවුන්ට තමයි කෙලින් යන්න කියන්නේ. (නදී)
පේනවද ලංකාවේ සාසනය පිරිහිලා තියෙන ප්‍රමාණය, අර සේනා මේ සේනා හද හද රට කනවා ඇරෙන්නේ වෙන සාසනික සේවාවක් දකින්න අමාරුයි (නදී)
.දැන් දැන් සිදුවෙන වැඩ දිහා බැලුවම භික්ෂුවකට කැප දේවල් නෙමෙයි සිද්ද වෙන්නේ සමහරක් භික්ෂුන්ගෙන්.(හේ)
කබරගොයා තලගොයා කරන්නත් පුලුවන් අය ඉන්නවා කියලා පැරණි කතාවක් තියෙනවනේ.අපේ පොලිසි වල අයට ඕවා සිමිපල් වැඩ.සිවුර ගලවලා කලිසම අන්දන්නත් පුලුවන් කල්සම ගලවලා සිවුර අන්දන්නත් පුලුවන් එහෙවි රටක් මේක.(හේ)
කොහොමද කාර් එකේ වටිනාකම? (නි)
දැන් බැලුවොත් හැම තැනම හොරු තමයි.(හේ)
අපිමනේ වැඩේ කන්නේ. බෑග් එකේ සිවුරු දාහෙන ගිය කලිසම් කාරයෙකුට හිමිනමක් කියන්නේ මොකටද? කලිසම් ඇඳගත්තු හිමිනමක්ද? නැතිනම් හිමිනමක් වෙන්ඩ හිතාගත්ත කලිසම්කාරයෙක්ද? (නදී)
මේ වෙන දේවල් වලට ලැජ්ජයි.(හේ)
සල්ලි වලට හැමදේම යටත් වෙලා.(හේ)
පොදු අපේක්සකයෙක් වගේ.(හේ)