මඩකළපු කල්අඩි පාළමෙන් කළපුවට වැටුණු දෙමළ කතක බේරා ගත් මඩකළපු පොලීසියේ සිංහල පොලීස් කොස්තාපල්වරුන් දෙදෙනකුගේ වීර ක්‍රියාව අගය කරමින් මඩකළපුවේ දෙමළ ජනතාව ඔවුනට උපහාර උළෙලක් පැවැත්විය.
මඩකළපු වෙළෙද සංගමය,දිස්ත්‍රික් වෙළෙද කර්මාන්ත සංගමය හා සිවිල් සංවිධාන මෙය සංවිධානය කළේය.
පසුගිය 15 වැනිදා දියට පැන මේ කාන්තාව බේරාගත් කොස්තාපල්වරුන් වනුයේ ඒ පී ජයසිංහ හා කේ එම් එස් බංඩාරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජයවේවා ඔබලාට! (නි)
කලපුවට වැටුණු කාන්තාවන් දෙදෙනාගේ ජිවිත බේරාගත් පොලිස් විරුවන් දෙදෙනාට සමස්ත ජාතියේම උපහාරය! (නි)
පොලිස් සේවයේ සොයුරනි, භාෂා භේද, ආගම් භේද හාරා අවුස්සන මෙවැනි යුගයක ඔබ වැන්නන් සිටීම සිංහල අප කාටත් මහත් ආඩම්බරයකි. (නි)
ශ්‍රී ලාංකිකයෝ ලංකාවේ ඉන්නේ... අපි ඔක්කොම ලාංකිකයෝ (නි)
ද්‍රවිඩ සමාජය මෙම දෙදෙනාට උපහාර දැක්වීම තුලින් සමාජ අගයයන් ඉස්මතු වෙනවා සේම එය රට පුරාම සදාකාලික බැඳීමක් වේවා. (නි)
ඇත්තටම වැදගත් දෙය නම් ජීවිතයක් බේරා ගැනීමයි. (නි)
ඔන්න නියම වීරයෝ. අහන්නත් හරිම සන්තෝෂයි. පොලිස්පතිතුමනි, මෙන්න උසස්වීම් ලැබියයුතු කොල්ලො දෙන්නෙක්. (නි)
වරුණ, ඔයත් මේ වගේ සත් ක්‍රියාවක් කලොත් නේද හොඳ? අනුන්ට කප කප ඉන්නේ නැතුව. (ස)
ස්රිලාංකිකයෝ හැටියට මෙහෙමෙ තමා ඉන්න ඕනේ.(දී)
පරිස්සමින් වැඩ කරන්න දමිළ උනත් අපි මනුස්සයන්ට උදවු කරමු ඒවා අපේ අනෙත් ආත්මයට හොදයි. (දී)
මෙන්න ලංකාවේ පොලිස් නිලධාරින්ගේ වැඩ. ජය ශ්‍රී !! (ස)
අපේ උත්තමාචාරය (දී)
කෝ මේ සෙනග. පොලීසියෙන් විතරනේ ඉන්නේ. (දී)
විශිෂ්ට ක්‍රියාවක් ඔබලා දෙපල කර ඇත්තේ. ජිවිතයක් බේරාදුන් මේ වීරයන්ගේ පඩිය වැඩිකර උසස් වීමක්ද ලබා දිය යුතුයි . (ස)
හොද දේ අගය කරනවා මනුස්ස ජීවිතයක වටිනා කම දන්නා උදවිය (දී)
ඕව අමතක කරන්න එපා (දී)
මේක පොලිස් දෙපාර්තමේතුවටම ආඩම්බරයක්.හැමෝම ඇඟිල්ල දික්කරල වැරදි විතරක් කියන කාලෙක මේවගේ හොඳ දේවල් කරන එක ගොඩක් වටිනව. (දී)
මෙන්න අපේ ජාතික වීරයෝ (දී)
ජාති භේදයක් නොතකා කරපු සේවය හරිම ආඩම්බරයි....මේ දේවල් අපේ අනිත් සියලු දෙනාටම හොඳ ආදර්ශයක්.....ඔබ දෙපළටම තෙරුවන් සරණයි.....! (ස)
උපහාරය හොඳයි, මූල්‍යමය ආධාරයකුත් දුන්නා නම් තමා වටින්නේ. (ස)
ජය වේවා !! (ස)
මෙවනි සත් ක්‍රියාවන් කිරීමෙන් රටට වන කීර්තිය හා ජාතින් අතර සමගිය සහජීවනය ඇතිවෙනවා අපේ ජාතිකයන් වෙන ජාතිකයන්ට වෙනස්කම් පහත්කම් නොකරන බවට ලෝකයට පෙන්නුම් කරනවා. නමුත් ජාතිවාදය ගැන බොරුවට බේගල් ඇදබාන ද්‍රවිඩ දේශපාලකයන් මේවා ගැන කවදාවක් ප්‍රසාදයක් කරන්නේවත් නැති අපට මහා වේදනාවක් (දී)
මනුස්සකම කියන ගුන ධර්මයේ වටිනාකම කියාපාන්නට කදිම උදාහරණයක්. (ස)
ක්ෂණික තීරණයක් හරි තැන ගැනීම ගැන මේ නිලධාරීන්ට උසස් වීම් ලබා දුන්නා නම් හොඳයි නේද ? (ස)
මඩ අස්සේ මැණික් (දී)
දෙමළ ජනතාව කීවට මෙතැන ඔක්කොම ඉන්නේ පොලිසියේ අයනේ .. (ස)
හොඳ වැඩක්. (ස)
රටක් වටිනා කොල්ලෝ දෙන්නෙක්. (නි)
අපේ උත්තමාචාරය
ඔබලාට ජාතියේ ප්‍රණාමය (ස)
සුභ පැතුම් ! (ස)
මේක තමයි රටේ හැමතැනම සිදු විය යුත්තේ. (ස)
අපේ ජාතික සමඟිය ගැන මීටත් වඩා උදාහරණ කුමටද. මේ සිද්ධිය පිල්ලේ නෝනා ලංකාවේ සිටින දිනවල වුනා නම් තවත් හොඳයි. එම වීර ක්‍රියාවට සම්බන්ධ වුන පොලිස් නිල දරුවන් දෙදෙනාට වගේම මෙම උත්සවය සංවිධානය කළ දෙමළ සහෝදරවරුන්ටත් අපේ ප්‍රණාමය. ජයවේවා. (ස)
මෙන්න නියම වාර්තා! මේවා පලකරන ඔබ සැමටත් ගොඩක් පින්! (ස)
සිංහල මනුස්සයෙක් හොද වැඩක් කළහම මුස්ලිම් මිනිස්සු අදහස් දක්වනවා මදි වගේ නේද? (නි)
ඔබලා සැබෑම වීරයන්. අපේ උපහාරය. (ස)
සිංහල දෙමල අපි කවදත් එකට හොඳින් ජීවත් උනා දෙසපාලකයින් තම මේ බැඳීම් විනාස කළේ. (අ)
ජිවිතේ පරදුකත තබා ජිවිතයක් බේරාගත් ඔබට දීර්ඝායුෂ ලැබේවා (අ)
මගේ සුභ පැතුම් !!! (ස)
ඔබට ජාතියේම උපහාරය! (නි)
මේක තමයි රටේ හැමතැනම සිදු විය යුත්තේ. ඕක මෙහෙ දකුණේ වුනා නම් කියයි කොටින්ට කත් අදිනවා කියලා (නි)
ඇත්තටම බලන්න කොච්චර හොඳ වැඩක්ද කියලා. අපේ රටේ අපි ඉස්සර ඉදන් ජීවත් වුනේ එකට. එතන තිබ්බේ නෑ සිංහල, දෙමළ, මුස්ලිම් කියන ජාති වාදය, කාට හරි කරදරයක් වුනාම අපි මැරෙන්න හරි බලාගෙන උපකාර කරනවා. ඒ වුනාට බලන්න මේ සමහර කට්ටිය අද රටට කරලා තියෙන විනාශේ. (ස)