IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


පොලිස් වෙඩි පහරින් මංකොලල්කරුවකු මරුට

(ගයාන් සූරියආරච්චි)

ජංගම දුරකථන අඩු මුදලට විකුණන සොරුන් කණ්ඩායමක් සහ එය මිලදී ගැනීමට මෝටර් රථයකින් පැමිණි හතර දෙනෙකුට කඩුවලින් පහර දෙන බවට පොලිසියට ලද තොරතුරක් අනුව නාරම්මල වේරගල ප්‍රදේශයට පැමිණි පොලිසියට සොරු කණ්ඩායම විසින් පහර දීමට ගිය අවස්ථාවේදී සිදු කළ වෙඩි තැබීමකින් එක් පුද්ගලයකු මිය ගොස් ඇතැයි ජේෂ්ඨ පොලිස් නිලධාරියෙක් පැවසීය.

ජංගම දුරකථනය මිලදී ගැනීම සඳහා මෝටර් රථයෙන් පැමිණි සිව් දෙනෙකු කඩු ප්‍රහාර වලට ලක්ව රෝහල් ගත කර ඇති බවද උසස් නිලධාරියා පැවසීය.

 facebook සමාජ මාධ්‍යයේ පළකර තිබූ දැන්වීමකට අනුව වටිනා ජංගම දුරකථනයක් අඩු මුදලට ලබා ගැනීම සඳහා නාරම්මල  වේරගල ප්‍රදේශයට පුද්ගලයන් හතර දෙනෙකු මෝටර් රථයකින් ඊයේ අලුයම පැමිණි තිබේ.

එම අවස්ථාවේදී  සොරු කණ්ඩායම  විසින් ජංගම දුරකථනය මිලදී ගැනීමට පැමිණි පුද්ගලයන්  වේරගල ප්‍රදේශයේ  කැලෑ ප්‍රදේශයකට කැඳවාගෙන ගොස් මුදල් කොල්ලකෑමට සැරසී ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

පසුව දෙපිරිස අතර ඇතිවූ ආරවුලකදී සොරු කණ්ඩායම රැගෙන ආ බව කියන කඩුවලින් මෝටර් රථය පැමිණි පුද්ගලයන්ට පහරදී ඇති බව පොලිසිය කියයි 

මෝටර් රථයකින් පැමිණි පුද්ගලයන්ට කඩුවලින් පහර දෙන බවට පොලිසියට ලද දුරකථන ඇමතුමකට  අනුව නාරම්මල පොලිසිය සහ පොල්ගහවෙල පොලිසිය එම ස්ථානයට ගිය අවස්ථාවේදී සොරු කණ්ඩායම පොලිසියටද පහර දීමට ගොස් ඇති බව උසස් නිලධාරියා කීය  

එම අවස්ථාවේදී සොදු කණ්ඩායම පාලනය කිරීම සඳහා සිදුකළ වෙඩි තැබීමකදී සොරු කණ්ඩායමේ එක් පුද්ගලයෙකු මියගොස් ඇති බව පොලිසිය පවසයි.

කඩුවලින් පහර කෑමට ලක් වූ මෝටර් රථය පැමිණි පිරිස තුවාල ලබා රෝහල් ගත කර තිබේ 

වැඩිදුර විමර්ශන නාරම්මල පොලිසිය සිදුකරයි 



අදහස් (3)

පොලිස් වෙඩි පහරින් මංකොලල්කරුවකු මරුට

sam Wednesday, 27 March 2024 11:37 AM

ඉස්සර නම් බඩු විකුණන අයට කිව්වේ වෙළෙන්දෝ කියලයි...

:       0       7

Bamunuarachchi Wednesday, 27 March 2024 03:57 PM

හොරුන්ට, මංකොල්ල කාරයින්ට, පාතාලයින්ට ඔවුන්ට තේරෙන භාෂාවෙන් උත්තර දීම දැන් පටන්ගෙන තිබීම හුදි ජනයාගේ සතුටට කරුණක්...!

:       0       9

shan Thursday, 28 March 2024 09:49 AM

උඩම එවුන් හොරා කාලා දැන් රටම හොරු වෙලා ඉන්නේ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 360 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 215 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site