ප්‍රධාන පොලිස් පරීක්ෂකවරු හය දෙනෙක් සහ සහකාර පොලිස් අධිකාරීවරු හතර දෙනෙක් වහා ක්‍රියාත්මක වන පරිදි පොලිස්පතිවරයා විසින් මාරු කරනු ලැබ සිටිති.
තලංගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජී ජී සී ජානක කුමාර හලාවත කොට්ඨාසයේ සාමාන්‍ය රාජකාරි සඳහා ද, පොල්ගහවෙල ස්ථානාධිපති එච් එම් එන් එන් හේරත් තලංගම පොලිස් ස්ථානාධිපති ලෙස ද, කින්නියා පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එච් ඒ පී රණසිංහ පොල්ගහවෙල ස්ථානාධිපති ලෙස ද, ප්‍රධාන පොලිස් පරීක්ෂක එච් එම් පී විජේසිරි කින්නියා පොලිස් ස්ථානාධිපති ලෙස ද, මාවනැල්ල ස්ථානාධිපති එස් ප්‍රදීප් කුමාර බන්ඩාරවෙල පොලිසියේ සාමාන්‍ය රාජකාරි සඳහා ද, බණ්ඩාරගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එම් ඩී ඩී නිලංගම මාවනැල්ල ස්ථානාධිපති ලෙස ද මාරු කරනු ලැබ සිටිති.
කුරුණෑගල සහකාර පොලිස් අධිකාරී ආර් ඩී ඩී ජයතිලක බණ්ඩාර හලාවතට ද, පොලිස් මූලස්ථානයේ සහකාර පොලිස් අධිකාරී ඩී බී සී පෙරේරා පොලිස් සුබසාධක කොට්ඨාසයට ද මාරු කරනු ලැබූහ.
විමර්ශනයක් නිසා තාවකාලිකව ගාල්ල නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයයට මාරු කරනු ලැබ සිටි චරිත අරුණ ශාන්ත බණ්ඩාර ජයසුන්දර කුරුණෑගලට ද, තාවකාලිකව කුරුණෑගල නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයට අනියුක්තර කරනු ලැබ සිටි එච් ඩී එස් තුසිත කුමාර උතුරු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිගේ පෞද්ගලික සහකාර ලෙස ද මාරු කරනු ලැබ සිටිති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිස් පති මාරු වීම් කරන්න පොලිස් කොමිසම නැවත අක්‍රීය වෙලාද? (ම)
පොලිස් කොමිසම තිබියදී පොලිස්පතිතුමාට මාරුවීම් කළ හැකිද..? (බ)
කොහේට දැම්මත් මොකෝ. හරියට රාජකාරිය කරනවා නම්. උසස් වීමක් ලබන්න මොන තරම් කට්ටක් කන්න ඕනද. ඒක හැමදාම තියාගන්නත් වාසනාවක් තියෙන්න ඕනි. සමහර අය ළඟින්වත් යන්න අමාරුයිනේ. කොහෙට දැම්මත් ලංකාව ඇතුලෙනේ. (අ)