නාරාහේන්පිට පොලිස් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී 2015 ඔක්තෝබර් 28 වැනිදා මිය ගිය නියෝජ්‍ය පොලිස්පති ලියෝ පෙරේරා නැවතී සිටි 6වැනි වාට්ටුවේ එදින රාජකාරී කළ සිව්දෙනකුගෙන් ප්‍රකාශ ලබාගැනීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා රහස් පොලිසියට නියෝග කළේය.
නියෝජ්‍ය පොලිස්පතිවරයා සම්බන්ධයෙන් වාට්ටුවේ සිටි සේවකයන් සැලකිලිමත් නොවූ බව කියමින් මෙම නඩුව ගොනු කර ඇත. පැමිණිල්ලේ නීතිඥවරයා කියා සිටියේ රෝගියාගේ තත්ත්වය අසාධ්‍ය වුවද 6 වැනි වාට්ටුවේ සිටි වෛද්‍යවරුන් නියෝජ්‍ය පොලිස්පතිවරයා ජාතික රෝහලට මාරු කිරීමට හෝ ඔහුට නිසි ප්‍රතිකාර ලබාදීමට හෝ උනන්දුවී නැති බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යුනිෆෝම් එක නැතිවුණ දාට කිසිකෙනෙක් ගණන් ගන්නේ නැති රටක්නේ මේක (නි)
කැනඩා දිසා, යුනිෆෝම් එක නැතිවුණ දාටත් ගරුබුහුමන් ලබන්න පුළුවන් විදියට මේ මිනිස්සු වැඩ කරන්නේ නැති එකනේ ප්‍රශ්නේ. පොලිසියේ මහත්වරු දැනගන්න ඕනෑ තමන්ගේ ගරුත්වය මැරෙනකන්ම තියාගන්න විදියට වැඩ කරන්න. එහෙම අය හිටපු කාලයකුත් මේ රටේ තිබිලා තියෙනවා. (නි)