පළාත් මැතිවරණයේ මනාප අංක නිකුත් කරන හෙයින් පොලිසියට පැමිණීමට නොහැකි බව නව සම සමාජ පක්ෂයේ ලේකම් ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න ගම්පහ පොලිසියට දැන්වීය.

ඒ සඳහා ඔහුට වෙනත් දිනයක් දෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.

ගම්පහ දිසාවේ නාම යෝජනා පත්‍රයට ව්‍යාජ නම් ඇතුළු කිරීම  කූට ලේඛන සැකසීමක් ලෙස සැලැකිය හැකි බව කියන පොලිසිය ආචාර්ය කරුණාරත්නට පොලිසියට එන ලෙස දැනුම් දුන්නේය.

පොලිසියෙන් දැනුම් දෙන ඉදිරි දිනයක දී ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට යන බව ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න මහතා එසැණට කීවේය.