කැළනිය පෙතියාගොඩ කන්ටේනර් අංගනයක තිබී පරණ යකඩ ලෙස විකුණූ පලතුරු බැරල් 195ක් සමග දෙදෙනකු අත්අඩංගුවට ගත් බව කැලසිය පොලිසියේ නොවිසදුණු අපරාධ අංශය හා කැළනිය මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලය කියයි. 2011 දී හා 2012 දී කල් ඉකුත්වූ මෙම පළතුරු බැරල් අතර පේර, ස්ට්‍රෝබෙරි ආදී යුෂ අඩංගු වී තිබිණි. අයිතිකරු කියා ඇත්තේ මේ බැරල් පිටරටින් ආනයන කළ පුද්ගලයා කියා ඇත්තේ යකඩවලට ගැනිම සඳහා බැරල් විකුණූ බවයි. ඔහුගෙන් එම යකඩ මිලට ගත් පුද්ගලයන් බැරලය රුපියල් 3000.00 ගණනා මුදලාලි වෙසින් ගිය පොලිසියට විකුණන්නට යද්දී අත්අඩංගුවට ගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බියගම ආයෝජන කලාපයේ කර්මාන්ත රබර් නිෂ්පාදන ශාලාවල එම නිෂ්පාදන සඳහා භාවිතා කරන රසායනික ද්‍රව්‍ය මිශ්‍ර දියර රබර් ඉවතලන බැරල් වල දමා පිටතට ගෙන එනවා. ඒවා ප්‍රයෝජනයට ගෙන නීති විරෝධී ලෙස ඇතැම් නිවෙස්වල රබර් අත් වැසුම් නිපදවා විකුණන ජාවාරමක් කරනවා. ඉන් පිටවන රසායනික සැර දුගඳ පරිසර හානි ඇති කරනවා. අහල පහල නිවෙස්වල ජීවත් වන ජනතාවට මෙය අහිතකර ලෙස බලපෑ තිබෙනවා. අදාළ බලධරයින් මේවා ගැන සොයා බලනවා නම් ගම්වල ජනතාවගේ ජීවත් වීම වෙනුවෙන් කරන වැදගත් සේවයක් වෙනවා. (දිල්)