නිධනයකින් ලැබුණු බව කියන දඹ රන් බුදුපිළිමයක් රුපියල් කෝටි එකහමාරකට පමණ විකිණිමට යද්දී එක් පුද්ගලයකු සැකපිට ඊයේ (05) අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
පොලිස් උපාය දුතයකුට කිලෝ පහමාරක් පමණ බරැති පිළිම වහන්සේ විකිණිමට තැත්කරද්දී අනුරාධපුර පුල්ලෙයාර් හන්දියේදී අත්අඩංගුවට ගෙන ඇත.
උතුරුමැද නියෝජ්‍ය පොලිස්පති රංජිත් පද්මසිරි මහතාට ලැබුණු තොරතුරක් මත විශේෂ වැටලීම් ඒකකය මෙම වැටලීම සිදු කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලොකු අයට අයිති දේවල් පොඩි අය ගත්තම ඔහොම වෙනවා.(නදී)
බුදු පිළිම විකුණන ගානට මනුස්සකම පිරිහිලා (නි)
විකුණගෙන කන නිධාන සහ වැඳගෙන කන නිධාන ලෙස වර්ග දෙකක් ඇත. මේවා නොදන්නා නිධන් හොරුන්ට ලැබී ඇති විපාක සඳහා මීට වඩා උදාහරණ කොතෙකුත් ඇත. (නි)
ඉපැරණි නිධාන්වල වටිනා පෞරාණික දේවල් තිබෙන තැන් ගැන සියල්ලන්ටමත් වඩා නිධන් හොරුන් දන්නවා වගෙයි. (නි)
දැන් ඉතින් මේ කෝටි ගානක් වටිනා බුදු පිළිමය කොහෙද තියෙන්නේ. ඒකට මොකද වෙන්නේ. එහෙම නැත්නම් මේවා දැන් කෞතුකාගාරයට යවනවද? (නි)
නිධාන වලින් ලැබුන දෙයක් නැහැ කියලා අපි බොහෝවිට කියනවා නේද? මේ මොනවද එහෙනම්? නිධන් හාරන්න යන හොරුන්ගෙන් කීයෙන් කී දෙනාද අහුවෙන්නේ? අහු නොවෙන අය වැඩියි. ඔවුන් මේ වස්තුව ටිකෙන් ටික වෙන්න ඕනෑ එළියට දාන්නේ, උණුසුම මැකුණට පස්සේ. (නි)
අමිල කියන්නේ පුරා විද්‍යා දෙපාර්තමේන්තුව මගින් විවිධ නීති මගින් ආරක්ෂා කෙරෙන අපේ ජාතික සම්පත් හොරකම් කිරීම නොව බුදු පිළිමයකට අපහාස කිරීමක් වීම පමණක් සිදු වී ඇති බවද?හොරාගේ අම්මා දැන්මම පේන කියනවා වගේ හිතෙනවා (නි)
බුදු පිළිම වලට අපහාස කරන එක හොද නැහැ (නි)