අද අලුයම ලග්ගල පොලිසියේ ආමරියෙන් ටී පනස් හය අවියක් සහ රිවෝලර් පහක් රැගෙන පළා ගිය බව කියන පුද්ගලයා සොයා පරීක්ෂණ ආරම්භ කර තිබේ.
වහා පරීක්ෂණයක් අරඹා සැකකරුවන් අත්අඩංගුවට ගන්න ලෙස වැඩබලන පොලිස්පති එස් එම් වික්‍රමසිංහ මහතා අද අලුයම මධ්‍යම පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිට නියෝග කළේය.
ඒ අනුව පොලිස් ප්‍රධානූහු රැසක් මේ වන විට ලග්ගල පොලිසියට ගොස් සිටිති.
රාත්‍රී සේවයේ සිටි බව කියන පොලිසියේ හතර දෙනෙක් වෛද්‍ය පරීක්ෂණයකට යොමු කිරීම සඳහා රෝහලට රැගෙන යනු ලැබූහ.
රාත්‍රී උප සේවයේ සිහි පොලිස් නිලධාරියාට නින්ද යන්නට ඇති බවත්, ඒ අතර ඔහු ළඟ තිබූ යතුරෙන්ම ආමරිය විවෘත කරන්නට ඇති බවටත් පොලිසිය සැක කරයි.
සිද්ධිය වන අවස්ථාවේ පොලිසියේ හතර දෙනකු රාත්‍රී සේවයේ යෙදී සිට ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි බලමු මේවා හොයාගන්න පුලුවන්වෙයිද කියලා (නි)
ඔය අරගෙන ගිය අවිආයුධ වැරදිදේකට යොදාගනීද දන්නෙ නැහැ (නි)
මදැයි අලුත් අවුරුද්දේ මුලින්ම අහන්න ලැබුණු දේ! (නි)
මේ කාරණය ගැන පුළුල් විමර්ශනයක් කරන්න (නි)
නින්දයාම සාමාන්‍ය දෙයක් බව ඇත්ත. නමුත් මෙය නිදහසට කාරණයක් නොවේ (නි)
දැන් අපේ ජාත්‍යාලයෙන් ඔදවැඩුණු කට්ටියට මේ ගැනත් විවිධ අදහස් කියන්න පුළුවන්නේ (නි)
පරීක්ෂණ කරන්න කලින් පොලිසියේ ඒ අවස්ථාවේ රාජකාරි කළ අය සම්බන්ධයෙන් තීරණයක් ගන්නවා නම් අපි කැමතියි (නි)
අහන්න දෙයක් නැහැ, ඊයේ ඉතින් අවුරුදුනේ. (නි)
මහින්ද මහත්තයා හිටපු කාලේ නම් කවදාවත් මෙහෙම දේවල් වුණේ නැහැ (නි)
සමහරවිට නින්ද යන්න යමක් බොන්න දීලා වෙන්න බැරිද? ගොඩක් සැළසුම් කරලා මේ අයගේ දින චර්යාව ගැන හොඳට අවබෝධයෙන් හිටිය කෙනෙක් කළ දෙයක් වගේ පෙනෙන්නේ. (නි)
ලලිත්ලා වගේ මිනිස්සු උපසේවය පටළවාගෙන. මෙතන උපසේවය කියන්නේ, පොලිස් ස්ථානයේ උපසේවයට. කවුරු වුණත්, නිදාගත්ත අයට දඬුවම් දෙන්න ඕනෑ (නි)
හොඳ වෙලාවට ඕක යාපනේ වුණේ නැත්තේ. එහෙම වුණා නම් සමහරු මෙලහකට නිවේදනයකුත් නිකුත් කරලා කොටි නැගිට්ටවලා කියලා (නි)
සනත් නිශාන්ත, අලුත් අවුරුද්දේ මුලින්ම කඩේ යන, වැඩ අල්ලන එක දරුණුවටම කරලා වගෙයි. (නි)
පිනට බෝතලයක් හම්බ වෙන්න ඇති. (ම)
සනත්ගේ කතාව සහතික ඇත්ත. මහින්ද මහත්තයා ඉන්නකොට රටේ කිසිම අපරාදයක් වුණේ නැහැනේ. දැන් තමා ඔක්කොම. ඒ කාලේ කිසිම පොලිස් නිලධාරියෙකුට නින්ද ගියේවත් නැහැ. දැන් තමා නින්ද යන්නේ. පුදුම විදිහටනේ අපේ මිනිස්සු ප්‍රශ්න දකින්නේ (නි)
පොලීසියෙ තිබුණු ආයුධ අරන් ගිහින් තියෙන්නේ පිට කෙනෙක්ද. නැතිනම් රාජකාරි කරපු නිලධාරීන් 04 දෙනාගෙන් කෙනෙක්ද. (ම)
සනත් නිශාන්ත, නිකම් බොරු එපා. කටුගෙට හොරු පැන්නේ කාගේ කාලේද? ඔහෙලා වගේ අයට අපක්ෂපාතීව හිතන්න අමාරු බව අපිට තේරුම් ගන්න පුළුවන් (නි)
අපේ ජාතික ආරක්ෂාව සුරක්ෂිතයි කියන්නේ මේ පසුබිම යටතේද? (නි)
උදය, නැහැ නැහැ, ඒ ආයුධ හරිදේකට යොදාගනීවි. (නි)
පොලීසියට හොරු පැනලා, ගමේ ආරක්ෂාව කොහොම ඇද්ද? පොලීසියේ ලොක්කෙක් නින්දයාම ගැන ප්‍රසිද්ධියේ අදහස් පළකර දින කීයද ගියේ? (නි)
මේක පුදුම වැඩක්නේ. මහජනයා මෙයාලට පඩි ගෙවලා තියෙන්නේ හොඳට කාලා බීලා නිදගන්නද? ආයෙත් නම් රස්සාව දෙන්න එපා (නි)
එක්කෙනෙකුට නින්ද ගියාට අනිත් තුන්දෙනා? මට පෙනෙන්නේ උප සේවයේ කෙනාට සේරම භාරදීලා අනිත් ස්ථිර සේවයේ තුන්දෙනා අවුරුදු කාලා වගේ (නි)
මෙහෙම පොලිසියකින් මහජන ආරක්ෂාවක් ලැබෙයිද? (නි)