
(විමුක්ති එස් රුද්‍රිගු)
දැනට පවතින පොලිස් ආඥා පනතෙහි අඩු පාඩු හදුනා ගෙන එය වර්තමානයට ගැළපෙන පරිදි සංශෝධනය කිරීම පිළිබදව සාකච්ඡාවක් අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ සහ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාගේ සහභාගිත්වයෙන් අධිකරණ අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී අද (23) පැවැත්විණි.
පොලිස් ආඥා පනතෙහි අඩු පාඩු හඳුනා ගැනීම සදහා පොලිස් දෙපාර්තමේන්තුව විසින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් තිදෙනෙකුගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටු තුනක් පත් කරනු ලැබ ඇති අතර, එම කමිටු ලබා දෙන නිර්දේශ හා 2017 වසරේ දී පොලිස් ආඥා පනත සංශෝධනය කිරීම සදහා සකස් කළ කෙටුම්පත ද සැළකිල්ලට ගනිමින් නව පනත් කෙටුම්පත සකස් කිරීමට නියමිතයි.
පොලිස් ආඥා පනත සංශෝධනය කරන ලෙස 2010 වසරේ සිට විවිධ අවස්ථාවන්හිදී ඉල්ලීම් ඉදිරිපත්ව ඇත.
නීතිපති ජනාධිපති නීතිඥ සංජය රාජරත්නම්, අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ නෙරින් පුල්ලේ, පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න, බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය, නියෝජ්‍ය පොලිස්පති අසංග කරවිට යන මහත්වරුන් ඇතුළු අධිකරණ අමාත්‍යාංශය, නීතිපති දෙපාර්තමේන්තුව, මහජන ආරක්ෂක අමාත්‍යාංශය හා පොලිස් දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් නිලධාරීහු මෙම සාකච්ඡාවට සහභාගි වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දේශපාලකයින්ගේ බලපෑම් නැත්නම්, පවතින නීති ඕනෑතරම් ප්‍රමාණවත්... කොච්චර සංශෝධන කරලත් සහ නීතිරීති වැඩි කළත් වැඩක් නැහැ.. දේශපාලන බලපෑම් තිබුණත්. මේකට කමිටු පත් කරලා, පාර්ලිමේන්තු රැස්වෙලා සම්මත කරන එක අනවශ්‍ය මුදල් නාස්තියක් පමණයි. අනික එහෙම නීති සම්පාදන කරන තරමට, ඔතැන රැස්වෙලා ඉන්න පිරිස පිරිසිදුද?
දැනට පවතින පොලිස් ආඥා පනතෙහි අඩු පාඩු හඳුනාගෙන එය වර්තමානයට ගැලපෙන පරිදි සංශෝධනය කිරීම පිළිබඳව පමණක් නොව දේශපාලකයින් පොලිසියට, අධිකරණයට කරන්නා වූ බලපෑම්ද නතරකළ යුතුවේ...
ටිරාන් අස්සෙන් උපදෙස් ගන්න නීතිඥ ආචාර්ය විජේදාස රාජපක්ෂටත් සිදුවුණා නම් මේ දුක කාට කියන්නද? අනේ එතුමාගේ දැනුම කුමකටද?
පොලිස් පණතේ තිබුණාට නීති ක්‍රියාත්මක වෙන්නෙ නෑනේ. උදාහරණයකට ආගමික ස්ථානවල අධික ශබ්දයෙන් ක්‍රියාත්මක වෙන ලවුඩ්ස්පීකර්, බෆල්... ඒවා වලට පොලීසිය නීතිය ක්‍රියාත්මක කරන්නේ නැහැනේ.. ඒ අපායේ යන්න වෙයි කියලා බයටද?