අවසන් යුද්ධයේ දී කොටි ග්‍රහනයෙන් මිදී සාමාන්‍ය වැසියන් යුද හමුදාව වෙතට අවසන් මොහොතේ දී පැමිණි මුලතිව් වට්ටුවාක්කල් පාලමේ දිය නෑමට ගිය සිව් හැවිරිදි දරුවනු මිය ගොස් ඇතැයි මුලතිව් පොලිසිය කියයි.
ලංකා කම්කරු කොංග්‍රසයේ සාමාජිකයෝ රුපියල් දහසක වැටුප ඉල්ලා වතුකරය පුරා අද (28) උද්ඝෝෂණය කළහ. මේ හේතුවෙන් වාහන ගමනාගමනයට බාධා ඇති විය.
ගල්කිරියාගම පුබ්බෝගම මවක හා දියණියක (49 හා 24) රිය අනතුරකින් මිය ගිය බවත් තවත් කුඩා දරුවකු තුවාල ලැබූ බවත් ගල්කිරියාගම පොලිසිය කියයි. අනතුර සිදු කළැයි කැබ් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd