කොළඹ නාගලගම්වීදියේ යකඩ බඩු කඩයක යකඩ කැටයක් කඩා රුපියල් ලක්ෂ 54ක් සොරා ගත් බව කියන වෙළෙඳ සේවකයකු පැමිණිලි ලැබී පැය තුනක් ඇතුළත අත්අඩංගුවට ගත් ග්‍රෑන්පාස් පොලිසිය රුපියල් ලක්ෂ 22ක් පමණ සොයා ගත් බව කියයි.
දක්ෂිණ අධිවේගී මාර්ගයේ උතුරු කළුතර දී කාරයක් යකඩ වැටේ ද, නවතා තිබූ ලොරියක ද වැදී පොඩි පට්ටම් වී ඇතැයි ද, එහි ගමන් කළ මලයාසියා ජිතික නීතිඥවරියක, ඇගේ මිතුරකු හා රියදුරා සුළු තුවාල ලබා ඇතැයි ද පොලිසිය කියයි.
හොරොව්පතාන කපුගොල්ලෑව ප්‍රධාන මාර්ගයේ ඉපිල්කැලේ දී ත්‍රීරෝද රියක් සහ යතුරු පැදියක් ගැටී අවුරුද්දක දරුවකු මිය ගොස් තවත් දෙදෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd