පුත්තලම පිටවටරවුම් පාරේ කිරිවැව අසලදී අද (10) සිදු වූ රිය අනතුරකින් මූලස්ථාන පොලිසියේ රථ වාහන අංශයේ ස්ථාධිපති රිය අනතුරකින් පුත්තලම මුලික රෝහලට ඇතුලත් කළ බව පුත්තලම පොලිසිය කියයි.
ශ‍්‍රාවස්තිපුර සුදු පාලම යට තිබු ටී 82 වර්ගයේ අත් බෝම්බයක් සොයාගත් බව අනුරාධපුර පොලිසිය කියයි.
අනතුරු නැති පරිසර හිතකාමී මාර්ගයක් සදහා නෝටන්බ්‍රීජ් පොලිස් බල ප්‍රදේශයේ පාසල් සේවා හා කුලී රථ රියදුරන් දැණුම්වත් කිරීමේ වැඩසටහනක් නුවරඑළිය දිස්ත්‍රික් මෝටර්රථ පරීක්ෂක එම්.එම්.ජේ.සී.බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් නෝටන්බ්‍රීජ් පොලිස්ථානයේදී පැවැත්විණි.
ඇඹිලිපිටිය නගරයේ කඩයක හිමියෙකු හා පුද්ගලයන් දෙදෙනෙකු අතර ඇති වූ ගැටුමකින් පසු කඩහිමියා ඇතුලූ තිදෙනෙකු රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටිය දී කඩ හිමියාගේ කඩයට අද (11) අලූයම ගිනිතබා ඇතැයි ඇඹිලිපිටිය පොලීසිය කියයි.
මුල්‍ය සමාගමක වාහන අත්පත් කර ගන්නා නිලධාරියෙකුට තවත් පිරිසක් සමග පරදුන් බව කියන කොලොන්න ප‍්‍රාදේශීය සභාවේ හිටපු මන්ත‍්‍රීවරයෙක් අද (11) වෑන් රථයක් ද සමග අත්අඩංගුවට ගත බව කොලොන්න පොලීසිය පවසයි.
මඩකලපුව ඒරාවූර් පොලිස් වසමට අයත් ඒරාවූර් නගර මුහන්දිරම් පාරේ පළමු පටුමගේ ජිත් වූ මව (55) හා දුව (34) ඝාතනය කර ඇති බවට ඒරාවූර් පොලිසිය කියයි.
හෙරෝයින් කුඩු මිලිග්‍රෑම් 18000 ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව වැලිවේරිය පොලිසිය කියයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇඹිලිපිටිය සිද්ධියෙන් නම් පෙනෙන්නේ මිනිස්සු නීතිය අතට අරන් කියලයි (නි)
නීතිය රකින්නෝද මනුෂ්‍යයෝය (නි)
පුෂ්පකුමාර , නීතිය පිළිපදින්නෝ මනුෂ්‍යයෝ බව ඇත්ත වුණාට, නීතිය ආරක්ෂා කරන්න ඉන්න අය මනුෂ්‍යයෝද කියන එකයි ප්‍රශ්නය, දැන් වෙන දේවල් දිහා බලනකොට (නි)