ගල්කිරියාගම පොලිස් වසමේ වටගල හන්දියේ පහේ ඇළ අනාරක්ෂිත බෝක්කුව උඩින් ගමන් කළ යතුරුපැදිකරුවකු යතුරු පැදිය පෙරළි ඊට යටවීමෙන් මිය ගිය බව ගල්කිරියාගම පොලිසිය කියයි.
පුත්තලමේ වාන පාරේ 7වැනි පටු මගේ පදිංචිව සිටි වයස අවරුදු 04 කුඩා පිරිමි දරුවකු අතුරැ දහන්වීම ඇති බව පුත්තලම පොලීසිය කියයි.
මෙසේ අතුරැදහන්වී ඇත්තේ හාතීම් මොහොමඩ් නැමති කුඩා දරුවකි.
පේරාදෙණිය මහකන්ද හල්ඔය ප්‍රදේශයේ දී කුඩු බෙදා හැරී යැයි සැකපිට කාන්තාවක් හෙරෝයින් මිලිග්‍රෑම් 1077 ක්සමග අත්අඩංගුවට ගත් බව පේරාදෙණිය පොලිසිය කියයි.
පාඨමාලාවක් සඳහා කඩුගන්නාවේ සිට පැමිණි පුද්ගලයෙකු (41) මරදාන ලැගුම්හලක දී අතුරුදන්ව ඇතැයි මරදාන පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd