කටුකැලියාවේ සිට දෙමටගොඩ දක්වා බලපත‍්‍ර නොමැතිව සතුන්ට වදහිංසා වන පරිදි වැන් රථයකින් එළුවන් 19 දෙනෙකු රැගෙන යමින් සිටි සැකකරුවන් දෙදෙනෙක් තලාවේ දී අත් අඩංගුවට ගත් බව තලාව පොලිසිය කියයි.
මිනුවන්ගොඩ යටියන නවාතැන්පොළක සේවකයකුට තවත් පුද්ගලයකු පිහියෙන් ඇන මරා දමා ඇතැයි පොලිසිය කියයි. එලෙස මිය ගොස් ඇත්තේ ඉසුරු ජනිත් කොඩිතුවක්කු (28) නැමැත්තෙකි.
මැදිරිගිරිය ධම්සෝපුරදී වල් අලි ප්‍රහාරයකින් කාන්තාවක (56) මියගිය බවත් තවත් කාන්තාවක හා කුඩා දැරියක තුවාල ලබා පොළොන්නරුව රෝහලට ඇතුළු කරනු ලැබ ඇතැයි පොලිසිය කියයි.
අනුරාධපුර කුබිච්චන්කුලම වැවේ පාවෙමින් තිබු පිරිමි මළ සිරුරක් සොයා ගත් බව පොලිසිය කියයි. ඔහු රතු පැහැ ටීෂර්ටයක් සහ ෙකාට කලිසමක් අැද සිට තිබුණි.
කැබිතිගොල්ලෑව නිකවැව වංගුව අසල කැබ් රියක් පෙරලී තුවාල ලැබු 16 දෙනෙක් හොරොව්පතාන හා කැබතිගොල්ලැව රෝහල් වලට ඇතුළු කළ බව රෝහල් ආරංචි කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd