මීගහකිවුළේදී වෑන් රියක් පාර මැද පෙරළී හය දෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.
අලිමංකඩදී වෑන් රියක් යතුරුපැදියක ගැටී යතුරුපැදිකරු මිය ගිය බව පලෙයි පොලිසිය කියයි.
අනුරාධපුරදී සොරාගත් රුපියල් ලක්ෂ දෙකක් පමණ වටිනා යතුරු පැදියකින් ගොස් බෝගස්වැව කුඩාරත්මලේ වෙළඳ සලක් කඩා එහි තිබු රුපියල් 22,600ක් පමණ වටිනා නිමි ඇඳුම් තොගයක් සොරාගත් බව කියන තරුණයන් තිදෙනකු අත් අඩංගුවට ගත් බව පදවිය පොලිසිය කියයි.
ලුණුවිල කිරිමැටියානවත්තේ සිදුකළ වැටලීමකදි ගංජා තොගයක් සමග සැකපිට අයකු අත්අඩංගුවට ගත්බව වෙන්නප්පුව පොලිසිය පවසයි
වේගිරිකන්දේ නිධන් ඇතැයි කියන ස්ථානයක් හෑරූ බවට සැකපිට තිදෙනකු අත්අඩංගුවට ගත් බව දවුලගල පොලිසිය කියයි.
නිවසේ තිබූ කොප්පරා මැස්සකට ඇවුළුණු ගින්නක් පැතිර යාමෙන් අගුනුකොළපැලැස්ස හැලේකඩ දී එම නිවසේ තනිව ජීවත්වු අයකු (95) අද (5) එම ස්ථානයේදීම මියගොස් ඇතැයි පොලීසිය පවසයි.
එම පුද්ගලයා භූමිතෙල් දමා ලිප දැල්වීමට යෑමේදී මෙලෙස ගිනි ගැනීමට ලක්වන්නට ඇතැයි පොලීසිය සැකකරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ දිනවල මාර්ග අනතුරු බොහොම වැඩියි වගේ. පෙට්‍රල් මිල අඩුවීම අමතර හේතුවක් ද? ඕවර් ස්පීඩ් ගැන පොලිසිය බලන්නේ නැති නිසාද? ඉගිල්ලෙන රියදුරන් නීති ගරුකව පදවන අපට මහත් හිරිහැරයක්.උදේ හතට පොලිසිය හිටියත් පාසැල ළගින් යන්නේ හැට පැනල.(බ)