මහනුවර ගැටඹේ දෙවැනි රාජසිංහ මාවතේ මහවැලි ගගේ අඩි 300 පමණ ප්‍රපාතයේ වදුරාපැණි ඇල්ලට ටිපර් රථයක් පෙරළීමෙන් අයකු මිය ගොස් ඇතැයි මහනුවර පොලිසිය කියයි.
පසුගිය 26 වැනිදා ඔරුගොඩවත්ත සිට පෑලියගොඩට රුපියල් ලක්ෂ 25ක් පමණ වටිනා සීනි මිටි ගෙනයමින් තිබියදී කන්ටේනරය අතුරුදන්වීම සම්බන්ධයෙන් සැකපිට කෝටිපති ව්‍යාපාරිකයකු ඇතුළු 6 දෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
සීනි මිටි තොගය ව්‍යාපාරිකයාට විකුණා ඇතැයි කියති.
අනුරාධපුර වන්නියම්කුලමේ නිවසක තිබී පිස්තෝලයක් හා කඩු දෙකක් සොයාගත් බව අනුරාධපුර පොලිසිය කියයි
ලොරියක් සහ යතුරු පැදියක් එකිනෙක ගැටිමෙන් යතුරු පැදියේ ගමන්ගත් අනුරාධපුර ශික්ෂණ රෝහල් සේවක තිස්තුන් හැවිරිදි සුලු සේවකයෙකු අද (04) දින අලුයම මිය ගිය බව අනුරාධපුර පොලිසිය කියයි.
අනුරාධපුර මෛත‍්‍රිපාල සේනානායක මාවතේ නගර සභාව ඉදිරිපිට ආලෝක සංඥා කණුව මෝටර් රථයකින් හප්පා හානි කරමින් රථය එහි දමා පළාගිය රියදුරා අත් අඩංගුවට ගැනිමට පරික්ෂණ ආරම්භ කළ බව අනුරාධපුර පොලිසිය කියයි.
බෙල්ලේ කුපුම් තුවාලයක් සහිතව මොරටුව කොස්පැලෑන පාලමෙන් ගඟට වැටුණු බව කියන තරුණයෙකු සොයා ගැනීමට පොලීසිය වෙහෙසෙයි.
ඇල්පිටිය අම්බලන්ගොඩ පාරේ 6 කණුව අසල වෑන් රියක් හා බස් රථයක් හැපීමෙන් සිවු දෙනෙක් රෝහල් ගත කළ බව ඇල්පිටිය පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd