මාසයකට රුපියල් ලක්ෂයක් ගෙවා මහරගම පිළියන්දල පාරෙන් කුලියට ගත් බව කියන නිවසක සම්බාහන මධ්‍යස්ථානයක් වැටලූ පොලිසිය අවුරුදු 22-36 අතර තරුණියන් පස් දෙනකු හා එහි කළමනාකරු සැකපිට අත්අඩංගුවට ගත් බව කියයි.
පැය බාගයකට රුපියල් 2500ක ගාස්තුවක් සම්බාහනය සඳහා අය කරන බවත්, සම්බාහනයට වැඩි දෙයක් සිදුවී ඇති බවටත් ලැබුණු පැමිණිලි ගැන සොයා බලන බව ද පොලිසිය පවසයි.
අනුරාධපුර දහයියාගම බස් නැවතුපළ අසලදී විකිණිමට සුදානම් කොට තිබු රුපියල් දෙලක්ෂ පනස්දහසක් වටිනා කේරළ ගංජා කිලෝ දෙකක් සමඟ සැකකරුවකු අද (23) අත්අඩංගුවට ගත් බව අනුරාධපුර පොලිසිය කියයි.
අනුරාධපුර මල්වතු ඔයේ පාළම යට තිබියදි පුද්ගලයකුගේ (60) මළ සිරුරක් අද (23) සොයාගත් බව අනුරාධපුර පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කළමනාකරුවාව පමණක් අඩංගුවට ගන්න තරුණියන්ව නිදහස් කරන්න. මිටවඩා භයානක මත්කුඩු ස්ත්‍රී දුෂණ හොරකම් මිනීමැරුම් වංචා කප්පන් කරන අය ඉන්නවා,(රේ)
මොකද පෙරේරා මහත්තයට ටිකක් රිදිලා වගේ. (නි)
සම්බාහනයට කැමති අය මුදල් ගෙවලා ඒක කරගත්තදෙන්. සම්බාහනය කරන්නේ ආසාවට නෙමෙයිනේ. ගතමනාවක් සොයාගන්න. ජීවත්වෙන්න. රැකියාවක් නැති නිසා මේවට යනවා වෙන්න ඇති. මේ අය කබලෙන් ළිපට වැටෙන්න දෙන්න නම් එපා (නි)
ඔය තරු හෝටල් වල තියෙන සම්බාහන ආයතනවලට පොලිසියෙන් පනින්නේ නැත්තේ මොකද? ජීවත්වෙන්න මඟක් නැති කාන්තාවන් මහපාරට බස්සන එකයි මේවායින් වෙන්නේ. (නි)