මන්නාරම සිට කල්පිටිය දක්වා ගමන් ගත් බස් රථයකින් රුපියල් ලක්ෂ දෙකකට ආසන්න කේරළ ගංජා කිලෝ 2 ක් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මුල්ලිකුළම නාවික හමුදා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
මහඉලූප්පල්ලම ගොවිපලට අයත් අතහැර දැමු රජයේ නිල නිවාසයක මත්කුඩු පානය කරමින් සිටි ගුවන් හමුදා භටයකු ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට ගත් බව එප්පාවල පොලිසිය කියයි.
අවිස්සාවේල්ල වෑවල නිවසක අඹුසැමි යුවළක් අතර ඇතිවූ ගැටුමකින් බිරිය මියගොස් ඇති බවත් ඝාතනයට සැකපිට සැමියා අත්අඩංගුවට ගත් බවත් පොලිසිය කියයි.
අවිස්සාවේල්ල ගැටහැත්තේ දී බවුසරයක්, ලොරියක් හා මෝටර්රථයක් එකිනෙක ගැටී සිව් දෙනෙක් තුවාල ලබා රෝහල් ගත කළ බව අවිස්සාවේල්ල පොලිසිය කියයි.
මේ වන විට රත්නපුර අවිස්සාවේල්ල මාර්ගයේ දැඩි වාහන තදබදයක් අති බව ද පොලිසිය කියයි.
මගුල් ගෙදරක යමින් සිටි කාරයක් මාතර සිට කොළඹ යමින් සිටි ත්‍රීරෝද රියක් බෙන්තර දී ගැටී ත්‍රීරෝද රියේ ගමන් කළ පියා මව හා දරු තිදෙනා රෝහල් ගත කළ බව බෙන්තර පොලිසිය කියයි.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
පොලිස් පොතෙන්
ගයාන් Thursday, 18 August 2016 06:15 AM
දින 100ක් තුල සියලු කුඩු ගෙන්වීම නවතන බව කීවනේද ? (හේ)
ඉසුරන්දි Thursday, 18 August 2016 07:06 AM
ධර්මද්වීපය වැඩිකලක් යන්න කලින් දුෂිත ද්වීපයක් වෙයි මෙහෙම ගියොත්.(ම)