පැනිදෙණිය සිට මහනුවරට යමින් තිබූ ලොරියක් සහ මහනුවර සිට කොළඹ බලා ධාවනය වූ නගරාන්තර පුද්ගලික බස් රථයක් අද(13) අලුයම පේරාදෙණිය පොලිසිය අසලදී මුහුණට මුහුණලා ගැටීමෙන් ලොරි රථයේ රියදුරු සහ බස් රථයේ රියදුරු තුවාල ලබා රෝහල්ගත කරනු ලැබූ බව පේරාදෙණිය පොලිසිය පවසයි.
ඡායාරුප - සෙනරත් බණ්ඩාර
ගල්නෑව කලංකුට්ටිය මාවත්තේගම නිවසක තිබූ රුපියල් 2200ක් සහ නිවස ඉදිරිපිට නවතා තිබූ රුපියල් 150000ක් පමණ වටිනා යතුරුපැදියක් සොරාගෙන ගොස් ඇතැයි ද සැකපිට හිටපු සෙබළකු අත්අඩංගුවට ගත් බවද ගල්නෑව පොලිසිය පවසයි.
මීගමුව කිඹුලාපිටියේ දී ගිනිකෙළී කර්මාන්ත ශාලාවක අද (13) හටගත් ගින්නකින් රුපියල් ලක්ෂ 30 ක් වටිනා මල්වෙඩි ඇතුළු දේපල වලට හානි සිදු වී ඇති බව පොලිසිය කියයි.
ජායාරූප - ප්‍රසාද් මුතුකුඩ
අරලගංවිල සිට පොලොන්නරුව දෙසට යතුරු පැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයකු (25) මතට ගසක් කඩා වැටීමෙන් මියගිය බව පොළොන්නරුව රෝහල් පොලිසිය පවසයි.
නිවසේ විදුලි පද්ධතිය අලුත්වැඩියා කරමින් සිටි කහටගස්දිගිලිය, මහපොතාන සිවිල් ආරක්ෂක භටයකු විදුලි සැර වැදී මිය ගිය බව පොලිසිය කියයි.
හංවැල්ල පහත්ගමදී පෞද්ගිලක බසයකට යටවූ කාන්තාවක් එම ස්ථානයේදීම මිය ගිය බව පොලිසිය කියයි.
කඩවත හා මරදානේ දී කේරල ගංජා කිලෝ 18 සමඟ ව්‍යාපාරිකයන් පස් දෙනෙකු හා වාහනයක් සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. මෙම ව්‍යාපාරිකයන් හම්බන්තොට,මන්නාරම හා කොලඹ අය බව පොලිසිය පවසයි.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
පොලිස් පොතෙන්