- හෙරොයින් කුඩු මිලි ග්‍රෑම් 30ක් සමග හමුදා සෙබළකු මොනරාගලදී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
- කුඩු මිලි ග්‍රෑම් 50ක් සමග බන්ධනාගාර නියාමකවරයකු අත්අඩංගුවට ගත් බව බොරැල්ල දූෂණ මර්දන ඒකකය පවසයි.
- බෙලිඅත්තේ දී නිතිවිරෝධී ලෙස මත්පැන් අලවිහළක් වැටලීමට තංගල්ල විශේෂ විෂ මත්ද්‍රව්‍ය වැටලීම් ඒකකය කියයි.
- බදුල්ල - බණ්ඩාරවෙල ප්‍රධාන මාර්ගයේ පිංආරාවේ දී යතුරුපැදියක් හා ලොරියක් ගැටීමෙන් එක් අයකු මිය ගිය බව බදුල්ල පොලිසිය කියයි.
- මඩකලපුව කාත්තාන්කුඩි පූනොච්චිමුනෙයි මුහුදේ මසුන් මැරීමට ගිය ධීවරයකු (38) බෝට්ටුවෙන් ඇද වැටී මරණයට පත්වූ කාත්තාන්කුඩි පොලිසිය කියයි.
- නැනාගේ කට කපා පිහියෙන් ඇනීමට කොන්ත්‍රාත්තුවක් දුන් බව කියන මස්සිනා පිළිමතලාවේ දී අත්අඩංගුවට ගත් බව කඩගන්නාව පොලිසිය කියයි. ඉඩම් හා පවුල් ආරවුලක් මීට හේතුව බව කියති.
- කල් ඉකුත් වු යෝගට් තොගයක දින වෙනස් කළ බව මොරටුව ඉදිබැද්දේ කඩ හිමියකුට නඩු පැවරු බව මොරටුව මහජන සෞඛ්‍ය කාර්යාලය කියයි.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.