IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


පොලිස් පොතෙන්

හෝමාගම මහකටුවාන නිවසක තනිව විසූ 60 හැවිරිදි කතක් අත පය බැඳ දමා මරා දමා ඇතැයි පොලිසිය කියයි.


ගොඩිගමුව බටකන්ද පුද්ගලයකුට පිහියකින් ඇන ඝාතනය කොට ඇඅති බව පොලිසිය පවසයි.


වයස අවුරුදු 08 ක් වන බාල වයස්කාර පාසල් සිසුවියකට බරපතල ලිංගික අපරාධයක් සිදු කළ බව කියන
තරුණයෙකු(16) අත්අඩංගුවට ගෙන ඇති බව වනාතවිල්ලුව පොලීසිය කියයි.

ව්‍යාජ 5000 නොට්ටු වලින් ගනුදෙනු කළ අලව්වේ තරුණයෙකු (23) සි.සි.ටි. කැමරා ආධාරයෙන් අද (09) අත්අඩංගුවට ගත් බව වරකාපොළ පෙලිසිය කියයි.


පිලියන්දල සිකුරාදා (08) රාත්‍රියේ පැය  04 ක් පුරා සිදු කළ බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමකදී බීමත් රියදුරන් 18 දෙනෙකු අත්අඩංගුවට ගත් බවත් ඔවුන් කැස්බෑව අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවත් පිලියන්දල පොලිසිය තකියයි.


මන්නාරම සිට වැලිගම  ප්‍රදේශයට මාළු ප්‍රවාහනය කරමින් තිබු ලොරිරථයක් අද (09) වැලිගම පැලෑන ප්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට පැන පෙරලී ඇතැයි ද අනතුරින් කිසිවකුටත් අනතුරක් සිදුව නැතැයි ද වැලිගම පොලිසිය කියයි.


වෙන්නප්පුව උල්හිටියාව ප‍්‍රදේශයේ නිවසක කාන්තාවක් තම නිදන කාමරයේදි මියගොස් සිටිය දී අද (09) සොයාගත් බව වෙන්නප්පුව පොලිසිය පවසයි.

මියගොස් ඇත්තේ කාන්තාව (30)  දෙදරු මවකි. තම  පළමු විවාහයෙන් වෙන් වි මෙම කාන්තාව වෙනත් අයෙකු හා එම නිවසේ ජනවාරි මාසයේ සිට ජීවත් වි ඇති බවත් අද කොළඹ බලා යන දුම්රියට පැන එම තැනත්තාද (37) මියගොස් ඇති බව පොලිස් අරංචි මාර්ග පවසයි. ඔහු මියගොස් ඇත්තේ ටෝලර් යාත‍්‍රා හිමිකරුවෙකි



අදහස් (0)

පොලිස් පොතෙන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 16 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 699 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 333 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site