සීලාවතුර ප‍්‍රදේශයේ ගමන් කරමින් තිබු ත‍්‍රිවිල් රථයක් පරික්ෂා කිරීමේ දී එහි තිබි රුපියල් කෝටියක් පමණ වටිනා අබිං තොගයක් සම`ග එම රථයේ ගමන් කරමින් සිටි අඹු සැමි යුවළක හා පස් හැවිරිදි දරුවෙකු සිකුරාදා (01) අත් අඩංගුවට ගත් බව සීලාවතුර පොලිසිය කියයි.
මීගමුව කිඹුලාපිටිය ප්‍රදේශයේ දී පිස්තොල 3ක්, ගල්කටස් වර්ගයේ ගිනි අවියක්, පතොරොම් කොපු 2ක් හා උණ්ඩ කිහිපයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අද (02) අත්අඩංගුවට ගත් බව මීගමුව කොට්ඨාශ අපරාද විමර්ශන ඒකකය කියයි.
ඡායාරූප - ප්‍රසාද් මුතුකුඩ
මැදවච්චිය මන්නාරම් මාර්ගයේ ඇකිරිකන්ද යුද හමුදා සෙබලෙකුගේ නිවසක නතර කර තිබූ යතුරු පැදියකට කිසියම් පිරිසක් ගිනි තබා ඇතැයි මැදවච්චිය පොලිසිය කියයි.
ව්‍යාජ අංක යොදා දැව ප්‍රවාහනය කල ලොරියක් සමග එම දැව කදන් හා සැකකරුවකු අත්අඩංගුවට ගත් බව වඳුරඹ පොලිසිය කියයි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd