අනුරාධපුර ජයන්ති මාවතේ වටරවුමේදී ලොරියක් හා යතුරුපැදියක් ගැටීමෙන් යතුරුපැදිකරු (29) මිය ගිය බව අනුරාධපුර පොලිසිය කියයි.
බණ්ඩාරගම බොල්ගොඩ ප්‍රදේශයේ දී යතුරුපැදියක් මාර්ගයෙන් ඉවතට ගොස් පැතිකානුවක හා මල්පෝච්චි දෙකක ගැටීමෙන් යතුරුපැදිකරු (21) මිය ගිය බව බණ්ඩාරගම පොලිසිය කියයි.
ඡායාරූප - බිමල් ශ්‍යාමන් ජයසිංහ
පුත්තලම - කල්පිටිය මාර්ගයේ හැමිල්ටන් ඇල හරහා ඇති පාලම යට තිබී සිකුරාදා (25) ටී 56 වර්ගයේ ජීව උණ්ඩ 395 ක් සොයා ගත් බව පුත්තලම පොලීසිය කියයි.
ත්‍රී රෝද රථයකින් ප්‍රවාහනය කරමින් තිබූූ හෙරෝයින් මත් කුඩු කිලෝග්‍රෑම් 5 ක් සිකුරාදා (25) පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය විසින් සැකකරු සමඟ අත් අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යයාලය කියයි.
නවගත්තේගම වෙලේවැව ප්‍රදේශයේ පැවති සංගීත සංදර්ශනයක් නැරඹීමට පැමිණ සිටි බව කියන තරුණයන් පස් දෙනෙකු ග්‍රෑම්ස් 2 බැගින් වූ ගංජා පැකට් 5ක් සමග සැකපිට සිකුරාදා (25) අත්අඩංගුවට ගත් බව නවගත්තේගම පොලීසිය කියයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd