පානදුර වෙරළේ දිය නෑමට ගිය හොරණ රාජකීය විදුහලේ 11 ශ්‍රේණියේ සිසුවකු දියේ ගිලී අතුරුදන්ව ඇතැයි පොලිසිය කියයි.
සිය මිතුරන් තිදෙනකු සමග ඔහු දියනෑමට ගොස් ඇතැයි කියති.
පානදුර පොලිසියේ ගිනි අවි සොරකම් කර විකුණූ බව කියන සාජන් වරයකු හා ව්‍යාපාරිකයකු සිකුරාදා (24) වනතුරු රඳවාගෙන ප්‍රශ්න කිරීමට පානදුර ප්‍රධාන මහේස්ත්‍රාත් චන්දිම ලියනගේ මහතා අද අවසර දුන්නේය. සාජන්වරයාගේ කඹුරුගමුවේ නිවසේ තිබී එක් ගිනි අවියක් ද සොයාගෙන ඇතැයි පොලිසිය කියයි.
ත්‍රී රෝද රියක් පූජාපිටියේ දිද්දෙණියේදී පෙරළී තාප්පයක ගැටී පිරිමි දරුවකු (13) මියගොස් තවත් දරුවන් තිදෙනකු තුවාල ලබා ඇතැයි කටුගස්තොට පොලිසිය පවසයි.
බාලවයස්කරුවකු මේ රිය පදවා ඇතැයි කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd