IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


පොලිස් පොතෙන්

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කුරුදුගහ හැතැක්ම ප්‍රදේශයේ  62 වැනි කිලෝමීටර් කණුව ආසන්නයේදී කන්ටේනර් රථයක් එහි ආරක්ෂිත වැට කඩාගෙන වෙළකට පෙරලී ඇතැයි පොලිසිය කියයි.


කන්ටේනර් රථය මාතර සිට කොළඹ බලා යද්දී සිදුවූ අනතුරින් කිසිවකුට තුවාල සිදුවී නැතැයිද රථයට දැඩිහානි සිදුවී ඇතැයිද කියති.


කටුනායකදී පෞද්ගලික බසයක් පාපැදියක ගැටීමෙන් පාපැදිකරු මිය ගොස් ඇතැයි පොලිසිය කියයි. මන්නාරම සිට කොළඹ බලා ගිය බසය කටුනායකදී ප්‍රධාන මාර්ගයට ඇතුළු වන අවස්ථාවේ පාර මාරුවෙමින් සිටි පාපැදිකරු එහි ගැටී ඇතැයි කියති.

vlcsnap-2016-02-08-06h54m24s142 vlcsnap-2016-02-08-06h56m00s84


හෙරෝයින් මත් කුඩු හම්බෙගමුවේ හා කේරළ ගංජා විකිණීමට ලඟ තබා ගත් බව කියන තිදෙනෙක් අනුරාධපුර විජිත පුරෙන් අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි. ඔවුන් අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි


ආණමඩුව කොට්ටුකච්චිය කිරල් ඔය ආසන්නයේ වන සතුනට අටවා තිබු බදින තුවක්කු 10 ක් සමග සැකකරුවෙකු පුත්තලම කොට්ඨාස දුෂණ මර්දන  එකකයේ නිලධාරින් විසින් අත් අඩංගුවට ගනු ලැබීය.

DSC03674~1 DSC03834


පිටකොටුවේ ජින්තු පිටිය වට රවුමේ පස් මහල් ගොඩනාගිල්ලක සිව් වන තට්ටුවේ සිටි පුද්ගලයෙකු ලඟ තිබී ලක්ෂ 10 ක් වටිනා කේරල ගංජා සහ හෑන්ස් නැමති මත් ද්‍රව්‍ය පැකට් 1840 ක් සොයාගත් බව පොලිසිය කියයි.



අදහස් (0)

පොලිස් පොතෙන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 600 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 294 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site