දක්ෂිණ අධිවේගී මාර්ගයේ කුරුදුගහ හැතැක්ම ප්‍රදේශයේ 62 වැනි කිලෝමීටර් කණුව ආසන්නයේදී කන්ටේනර් රථයක් එහි ආරක්ෂිත වැට කඩාගෙන වෙළකට පෙරලී ඇතැයි පොලිසිය කියයි.
කන්ටේනර් රථය මාතර සිට කොළඹ බලා යද්දී සිදුවූ අනතුරින් කිසිවකුට තුවාල සිදුවී නැතැයිද රථයට දැඩිහානි සිදුවී ඇතැයිද කියති.
කටුනායකදී පෞද්ගලික බසයක් පාපැදියක ගැටීමෙන් පාපැදිකරු මිය ගොස් ඇතැයි පොලිසිය කියයි. මන්නාරම සිට කොළඹ බලා ගිය බසය කටුනායකදී ප්‍රධාන මාර්ගයට ඇතුළු වන අවස්ථාවේ පාර මාරුවෙමින් සිටි පාපැදිකරු එහි ගැටී ඇතැයි කියති.
හෙරෝයින් මත් කුඩු හම්බෙගමුවේ හා කේරළ ගංජා විකිණීමට ලඟ තබා ගත් බව කියන තිදෙනෙක් අනුරාධපුර විජිත පුරෙන් අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි. ඔවුන් අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි
ආණමඩුව කොට්ටුකච්චිය කිරල් ඔය ආසන්නයේ වන සතුනට අටවා තිබු බදින තුවක්කු 10 ක් සමග සැකකරුවෙකු පුත්තලම කොට්ඨාස දුෂණ මර්දන එකකයේ නිලධාරින් විසින් අත් අඩංගුවට ගනු ලැබීය.
පිටකොටුවේ ජින්තු පිටිය වට රවුමේ පස් මහල් ගොඩනාගිල්ලක සිව් වන තට්ටුවේ සිටි පුද්ගලයෙකු ලඟ තිබී ලක්ෂ 10 ක් වටිනා කේරල ගංජා සහ හෑන්ස් නැමති මත් ද්‍රව්‍ය පැකට් 1840 ක් සොයාගත් බව පොලිසිය කියයි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd