ප්‍රභූ පරිවාර යතුරු පැදියක් වේරහැර දී පෙරළී මීටර 30ක් ඉදිරියට ඇදී ගොස් කාරයක වැදී ඇතැයි පොලිස් ආරංචි කියයි.
පොලිසිය වේරහැර වෙළෙඳසලක සීසීටීවී කැමරා පරීක්ෂා කළ බවත්, වාහනයේ හැපුණු බව කියන දෙදෙනකු කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබන බවත් එහි ආරංචි කියයි.
මේ අතර තෙල්වත්ත හංදියේ දී යතුරුපැදියක් හා වෑන් රියක් හැපී යතුරුපැදිකරුගේ ගෙල කැඩී මීටර 30ක් පමණ ඈතට විසිවී ඇතැයි පොලිසිය පවසයි.
මාතලේ වරකාමුරේ සිට අකුරණට අනවසරයෙන් ත්‍රී රෝද රථයකින් ප්‍රවාහනය කළ ගව මස් කිලෝ 170 ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව අලවතුගොඩ පොලීසිය කියයි.
තිස්සමහාරාම සඳුන්ගම දී බිරිය (32) පහර දී මරා දැමී යැයි කියන තිස්සමහාරාම පොලීසිය සැමියා සොයයි.
මිද්දෙණිය කාරියමඩිත්ත ප්‍රදේශයේ දී යතුරු පැදියකින් ගමන් ගත් පුද්ගලයකුව තියුණු ආයුධයකින් කපා කොටා ඝාතනය කර ඇති බව මිද්දෙණිය පොලීසිය කියයි.
ජායාරූප රෝෂාන් ගුණසේකර
මඟුල් ගෙදරක ගොස් සිය නිවස බලා පැමිණෙමින් සිටි පුද්ගලයකුට (36) වීරකැටිය නගරය ආසන්නයේ දි වෙඩි තබා ඇති බව වීරකැටිය පොලිසිය කියයි.
![IMG_6783_1600x1067[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/01/IMG_6783_1600x10671.jpg)
![IMG_6783_1600x1067[12]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/01/IMG_6783_1600x106712.jpg)
![IMG_6791_1600x1067[13]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/01/IMG_6791_1600x106713.jpg)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යහපාලනය රෙද්දපල්ලෙන් බේරේ (අ)