අම්බලන්තොට මාමඩල ගුරු යුවලකගේ නිවස මහ දවල් කොල්ල කෑ කොල්ලකරුගේ නිවසටම පොලිස් නිල සුනඛ ජේසි බැල්ලිය ගමන් කිරීමෙන් පසු අදාළ සැකකරු අත්අඩංගුවට ගත් බව අම්බලන්තොට පොලිසිය කියයි.
ගිංඔය ඉවුරේ පවත්වාගෙන ගිය නීති විරෝධි කසිප්පු පෙරුම් ස්ථානයක් වටලා ගෝඩා තොගයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගත්බව වෙන්නප්පුව පොලිස් දුෂණ මර්දන අංශය පවසයි
ජංගම කුඩු අලෙවිසැල් දෙකක් පවත්වාගෙන ගිය බව කියන සැකකාරියන් දෙදෙනෙකු හෙරෝයින් ග්‍රෑම් හතක් සහ රුපියල් එක් ලක්ෂ හැටඅටදාස් නවසිය හැත්තෑවක මුදල්ද සමඟ කොට්ටාවේ දී අත්අඩංගුවට ගත් බව අගුලාන පොලීසිය කියයි
මාවනැල්ල හෙම්මාතගම හරහා ගම්පොල දක්වා මාර්ගය ඉදි කිරීමේ ව්‍යාපෘතියෙන් සොරකම් කරන ලද ලක්ෂ 5 ක් වටිනා කමිබ් 300 ආසන්න ප‍්‍රමාණයක් හා සිමෙන්ති මිටි 35 ක් සමග සැකකරුවෙක් ඊයේ (17) සවස අත්අඩංගුවට ගත් බව හෙම්මාතගම පොලිසිය පවසයි.
හිටපු අරණායක ප‍්‍රාදේශිය සභා මන්ත‍්‍රිවරයෙකු සහ තවත් පුද්ගලයෙකු ගංජා ග‍්‍රෑම් 500 ක් සමග අද (18) පොලිස් අත්අංඩගුවට පත් වු බව සබරගමුව පළාත් දුෂණ මර්ධන ඒකකය පවසති.
බණ්ඩාරගම කිඳෙල්පිටියේ දී ලංගම බසයට යට වී මවක (59) මිය ගිය බව පොලිසිය කියයි.
උඩුගම මහා විද්‍යාලයේ සිසුවෙකුට පහර දුන්නැයි සැක පිට ක්‍රීඩා ගුරුවරයෙකු අත්අඩංගුවට ගත් බව උඩුගම පොලිසීය කියයි. සිසුවා රොහල් ගත කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවංක පොලිස් බැල්ලියට ගරුකරමු (ම)