-
පදියතලාවේ හෝලිකේ හන්දිය අසළ දී පරීක්ෂාවට ලක්කළ විට එහි තිබී අනවසර බුරුත කොටන් 36ක් සොයාගත් බව පොලිසිය කියයි. ලොරිය සමග රියදුරු අත්අඩංගුවට ගනු ලැබ සිටියි.
-
බදුල්ල නගරයේ දී ලොරියක ගැටුණු පුද්ගලයකු මියගියේය. ඔහු බදුල්ල වීවැස්වත්තේ පදිංචි 59 හැවිරිදි පුද්ගලයෙකි.
-
කොස්ගොඩ දී මහ මග ගමන්ගත් පුද්ගලයකු අනතුරට ලක්කළ වාහයක් පලා ගොස් ඇති අතර තුවාලකරු බලපිටිය රෝහලේ දී මියගොස් ඇතැයි පොලිසිය කියයි.
-
මිනුවන්ගොඩ නගර සභාවේ කුණු ගෙන යන ට්‍රැක්ටරයක සිටි කම්කරුවකු (43) ට්‍රැක්ටරයෙන් වැටී එයට ම යටවී මියගියේය. රථයේ රියදුරු අත්අඩංගුවට ගනු ලැබ සිටියි.
-
පානදුර දකුණ කලුදෑවල දී ඇතිවූ ගැටුමක දී උල් ආයුධයකින් පහර කෑ පුද්ගලයකු (58) පානදුර රෝහලේ දී මියගියේය.
-
දඹාන ගොඩවැල්කුඹුර වන රක්ෂිතයේ දී අලි ප්‍රහාරයකට ලක්වූ පුද්ගලයකු (49) මියගියේය.
-
නවගත්තේගම රජවිගම, මී ඔයේ පවත්වා ගෙන ගිය නීති විරෝධී කසිප්පු පෙරුම්පොළක් වටලා කසිප්පු ස්ප්‍රීතු බෝතල් 100ක් (ඩ්‍රෑම්ස් 800), තඹ දගර 2ක්, බැරල් 2ක් ඇතුළුව පෙරීමේ උපකරණ කට්ටල 2ක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත් අඩංගුවට ගැනීමට නවගත්තේගම පොලීසිය පවසයි.
-
යාපනය,අලිමංකඩ යුධ හමුදා කඳවුරේ සේවය කළ යුධ හමුදා සෙබළෙකු දුම්රියේ ගැටීමෙන් අද (15) උදැසන ජිවිතක්ෂයට පත්ව ඇති බැව් යාපනය පලෙයි පොලිසිය පැවසීය. අනතුරින් ජිවිතක්ෂයට පත්වූයේ අලිමංකඩ යුධ හමුදා කඳවුරේ සේවය කළ ආණමඩුව ප‍්‍රදේශයේ පදිංචි ගාමිණි කුමාර නන්දසේන (43) බව පොලිසිය තහවුරු කර ඇත.
වෙඩි බෙහෙත් ග්‍රෑම් 221, ඇමෝනියම් ග්‍රෑම් 1048 සහ ජෙලනයිට් කුරු දෙකක් සමඟ සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට යක්කලමුල්ල පොලිසිය කියයි.
-
රුපියල් ලක්ෂ හතරක් පමණ වටිනා බුරුත දැව කඳන් 15 ක් හා ලෑලි, දහයියා ගෝනි වලින් වසා ලොරි රථයකින් හා ට්‍රැක්ටර් රථ දෙකකින් මඩු පාර රක්ෂිතයේ සිට යාපනය බලා ප්‍රවාහනය කරමින් සිටියදි මඩුපාර අඩවි වන නිලධාරීන් ඇතුළු කණ්ඩායමක් විසින් අත් අඩංගුවට ගනු ලැබ ඇතැයි පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd