- මාරවිල මුදුකටුව අවන්හළක පසුගිය 22 වැනිදා සිදුවූ වෙඩි තැබීමකින් තුවාල ලැබූ 34 හැවිරිදි අයකු මියගොස් ඇතැයි මාරවිල පොලිසිය පවසයි. සැකකරු මෙතෙක් අත්ඩංගුවට ගෙන නැත.
- උඩිස්පත්තුව කිරිබන්තලාව පදිංචි 71 හැවිරිදි පුද්ගලයකු පොලොස් කැඩීමට ගොස් අඩි 40ක් පමණ උස ගසකින් වැටී මියගොස් ඇතැයි පොලිසිය කියයි.
- වෙන්නප්පුව මිරිස්සන්කොටවේ පවත්වාගෙන ගිය කසිප්පු නිෂ්පාදනාගාරයක් වටලා කසිප්පු බෝතල් 150ක් ගෝඩා ඩ්‍රෑම්ස් 12,560ක් සහ කසිප්පු පෙරීමට ගන්නා උපකරණ රැසක් සමග 44 හැවිරිදි සැකකරුවකු අත්අඩංගුවට ගත් බව වෙන්නප්පුව පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd