තංගල්ල නෙටොල්පිටියේ පොල් ඉඩමක නීති විරෝධී ලෙස පවත්වාගෙන ගිය පොල් රා මැදීමේ හා විකිණීමේ ස්ථානයක් වැටලු බව තංගල්ල කොට්ඨාශ විශේෂ විෂ මත්දව්‍ය වැටලීම් ඒකකය කියයි.
හෙරොයින් මත්කුඩු මිලිග්රෑම් 300 ක් ළඟ තබා ගත් බව කියන තරුණයින් පස් දෙනෙකු කුඩාවැල්ල දී අත්අඩංගුවට ගත් බවද එම ඒකකය කියයි.
තිස්ස හම්බන්තොට ප්‍රධාන මාර්ගයේ වීරවිල තුරුසෙවන ප්‍රදේශයේ දී හඳුන් දිවියෙක් වාහනයකට හැපී මිය ගොස් ඇත. බූන්දල ජාතික වනෝද්‍යානයට මායිම්ව පිහිටි මෙම ප්‍රදේශයේ වන සතුන් නිරන්තරයෙන් පාර මාරුවෙති.
(ජායාරූප - සනත් ගමගේ )



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd