කොළඹ නුවර මාර්ගයේ නිට්ටඹුව මල්වත්ත ප්‍රදේශයේ අද (11) අලුයම 5.45 ට පමණ කර්මාන්තශාලා මගින් රැගෙන යන බස් රථයක් හා ත්‍රීරෝද රථයක් ගැටීමෙන් දෙදෙනකු මිය ගොස් ඇති බව නිට්ටඹුව පොලිසිය කියයි.
අවිස්සාවේල්ල කුඩගම වයස අවුරුදු 19 ක තරුණයකු තම පෙම්වතියගේ කාමරයට රාත්‍රී කාලයේ ඇතුළුවී තරුණිය සමග පෙම් සුව විඳිමින් සිටියදී තරුණියගේ මව්පියන්ට හසුවීම හේතුවෙන් පහර කා පොලිස් ආරක්ෂාව යටතේ රෝහල්ගත කර ඇතැයි පොලිසිය කියයි.
තරුණියද වෛද්‍ය පරීක්ෂණයක් සඳහා රෝහල් ගත කර ඇති බවත් තරුණියගේ මව් පියන් අදාළ තරුණයා ගස් බැඳ පහරදීමෙන් පසු පොලිසියට බාරදී ඇති බවත් කියති.
දොඩන්ගොඩ තුඩුගල කොටහලු මගුල් ගෙදරක බහින් බස් වීමකින් පසු දෙදෙනකුට පිහියෙන් ඇන ඇතැයි ද (47) හැවිරිදි පුද්ගලයකු මියගිය බවද (19) හැවිරිදි තරුණයා ඔහුගේ පුතා කැපුම් තුවාල ලබා ඇති බව පොලිසිය පවසයි.
දිවයිනේ නම ගිය අපරාදකරුවකුගේ කැපුම් කිනිස්සක් ද අත්අඩංගුවට ගත් පොලිසිය තවත් තිදෙනෙකු සොයයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මග මරුවන්ගෙන් වැඩි දෙනෙක් ත්‍රී වීල් කාරයෝ. 16-18 කොල්ලෝ ඩ්‍රයිවින් ඉගෙන ගන්නේ ත්‍රී වීල් වලින්. පොලිසිය චෙක් කරනවා එ්ත් පගාව අරන් යවනවා. කතෘ තුමනි අනතුරු අනුපාතය වාහන අනුව අපේ දැනුම සඳහා පලකරන්න (නදී)