කුරුණැගල කුලියාපිටිය පාරේ ලබුයාය පාලම යට තිබී අත් බෝම්බ තුනක් සොයාගත් බව පොලිසිය කියයි.
කොළඹ කාන්තා රෝහලක ප්‍රතිකාර ලබන 35 හැවිරිදි කතකට බිහිවු දරුවා මිය යාමට හේතුව සොයා ගැනීම සඳහා ඇය රෝහලෙන් පිට වන තුරු බලා සිටින බව පොලිසිය කියයි.
කොළඹ විශ්ව විද්‍යාලය, බණ්ඩාරනායක සම්න්ත්‍රණ ශාලාව හා ක්‍රීඩා පිටිවල යන එන අයගේ ජංගම දුරකතන, ලැප්ටෝප් හා ටැබ් පරිගණක සොරකම් කළැයි කියන පුද්ගලයක ග්‍රෑන්පාස් නිවසකින් අත්අඩංගුවට ගත් බව කියන පොලිසිය ටැබ් පරිගණකයක්, ලැප්ටොප් දෙකක් හා ජංගම දුරකතන 12ක් ද සොයා ගත්තේය. ඔහු අත්අඩංගුවට ගැනීමට සිසිටීවි කැමරා ද ඔහුගේම ජංගම දුරකතනය ද ඉවහල් වූ බව පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd