හෝමාගම කටුවාන කර්මාන්තපුරයේ ඇඟලුම් කම්හලක් අසල අත් පත්‍රිකා බෙදමින් සිටි පිරිසකට පහරදුන් වෙනත් ඇඟලුම් කම්හලක හිමිකරු ඇතුළු එහි විධායක නිලධාරීන් දෙදෙනෙක් අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
අලුතින් ආරම්භ කරන ඇඟලුම් කම්හලකට සේවකයන් බඳවාගැනීම සම්බන්ධයෙන් දැනුම්වත් කරන එම පත්‍රිකා බෙදමින් සිටි පිරිසට පහරදී ඇත්තේ ත්‍රී රෝද රථ දෙකකින් හා ජීප් රියකින් පැමිණි පිරිසක් බවත් එම පහරදීම සිදුවන අවස්ථාවේ ජංගම දුරකථන මගින් ලබාගත් ඡායාරූප ඔස්සේ ඔවුන් අත් අඩංගුවට ගත් බවත් පොලිසිය පවසයි.
මාතර නූපේදී දුම්රියක් එද්දී තමාගේ ‘සෙල්ෆි‘ ඡායාරූපයක් ගැනීමට ගිය තරුණයකු දුම්රියේ හැපී තුවාල ලැබීය.
බොරැල්ලේ ත්‍රී රෝද රථ දෙකකින් කසිප්පු බෙදාහැරි බව කියන මාදින්නාගොඩ පුද්ගලයකු සමග සැකකරුවන් 6 දෙනෙක් අත් අඩංගුවට ගත් බවත් රුපියල් ලක්ෂ දෙකක කසිප්පු සොයාගත් බවත් පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැමතැනම තියෙන්නේ තරඟය තරඟය... (නි)