බාබුල් බුලත්විට නිපදවීමට ගන්නා මත් පුවක් හා දුම්කොළ ඇතුළු රසකාරක කිලෝ 8 ක් පමණ අත්අඩංගුවට ගත් බව අලවතුගොඩ පොලීසිය කියයි. ඉන්දියාවේ සිට ගෙන්වූ බව කියන මෙම තහනම් ද්‍රව්‍ය කුරුඳු පොතු රැගෙන යන මුවාවෙන් ගෙනගිය බව කියති.
කොළඹ හලාවත මාර්ගයේ වයික්කාලේදී කහ ඉර මතින් පාර මාරු වීමට ගිය කාන්තාවක් බස් රථයක ගැටී බරපතල තුවාල ලබා රෝහල් ගතකළ බව වෙන්නප්පුව පොලිසිය කියයි.
මිලි මීටර් 38 ප්‍රමාණයේ රිවෝල්වරයක් හා ජීව උණ්ඩ 4ක් සමග සැකකරුවකු නීලබැම්ම ඔට්ටුපල්ලම දී අත්අඩංගුවට ගත් බව සාලියවැව පොලීසිය කියයි.
බොල්ගොඩ වැව අයිනේ හෝටලයක සේවකයකුගේ (ස්ටුවට්) සිරුර බොල්ගොඩ වැවෙන් සොයා ගත් බව පොලිසිය පවසයි.
මතුගම නගරයේ කඩයක් ගිනිගනිද්දී අල්ලපු කඩයේ හිමිකරු එම ගින්න දැක මියගිය බව පොලිසිය කියයි.
අම්බලන්තොට වලවවත්තේ දී ගොඩවැලි කැපු අට දෙනෙකු යන්ත්‍රසුත්‍ර ද සමඟ තංගල්ල පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. බැකෝ දෙකක්, වතුර පොම්ප දෙකක් ද අත්අඩංගුවට ගත් බව අණදෙන නිලධාරි නිශාන්ත ද අල්විස් මහතා කියයි.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප්රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ (BMICH) ප
පොලිස් පොතේ මෙහෙම ඇතේ