
(දයාරත්න ඇඹෝගම)
අනුරාධපුර පොලිස් නිවස්නය තුල නිදා සිටි පොලිස් භොජනාගාරයේ පාලක ලෙස සේවය කළ පොලිස් සැරයන්වරයෙකු අද (27) දින නිදි යහනේදිම මිය ගොස් ඇතැයි අනුරාධපුර මුලස්ථාන පොලිසිය කියයි.
මෙසේ මිය ගොස් ඇත්තේ අනුරාධපුර මුලස්ථාන පොලිසියට අනුයුක්තව භෝජනාගාර පාලකවරයා ලෙස සේවය කළ තිලක් සේපාල සෙනෙවිරත්න(57)නැමති පොලිස් සැරයන්වරයෙකි.
මියගිය පොලිස් සැරයන්වරයාගේ මරණයට හේතුව මෙතෙක් අනාවරණයවි නොමැති අතර පශ්චාත් මරණ පරික්ෂණය සදහා ඔහුගේ දේහය අනුරාධපුර ශික්ෂණ රෝහලේ මෘත ශරිරාගාරයේ තැන්පත් කොට තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd