පාලිත ආරියවංශ
පානදුර වළාන දූෂණ මර්දන අංශයේ සේවයේ කළ පොලිස් නිලධාරිනියක් පිහියකින් කපා සිරුරට ගිනි තබා ඝාතනය කළැයි සැකපිට හාලිඇල පොලිසිය විසින් අත්අඩංගුවට ගත් සැකකරු 14 වැනි දා දක්වා රිමාන්ඩ් කිරිමට බදුල්ල දිසා විනිසුරු හා අතිරේක මහේස්ත්‍රාත් තාරක ජනදාස මහතා නියෝග කළේය.
හාලිඇල ජගුල්ල ගම්මානයේ පදිංචිව සිටි චන්දිමා ප්‍රියදර්ශනී චන්ද්‍රෙස්කර (23) හැවිරිදි පොලිස් කාන්තාව ඊයේ (1) ඝාතනය කර තිබිණි.
ඇගේ පෙම්වතා බව කියන කුරුකුලසූරියලාගේ තුසිත නන්දන පෙරේරා නැමැති 27 හැවිරිදි සැකකරු එදිනම හාලිඇල පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
සැකකරු හාලිඇල ඌව කැටවල වත්තේ ක්ෂේත්‍ර නිලධාරියෙකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd