ක්‍රිෂාන් ජීවක ජයරුක්
මාතර නගරයේ ස්වර්ණාභරණ වෙළඳ සැලක් මංකොල්ල කෑමට පැමිණි පාතාල කල්ලිය සමඟ ඇති වූ වෙඩි හුවමාරුවේදී තුවාල ලැබූ පොලිස් නිලධාරීන් රෝහල් ගත කිරීමට ඉදිරිපත් වූ සිවිල් වැසියන් තිදෙනෙකු ඇගයීම සඳහා මුදල් ත්‍යාග ලබා දීමට තීරණය කළ බව මාතර කොට්ඨාස භාර පොලිස් අධිකාරී ගයංග හසන්ත මාරපන මහතා පැවසීය.
මාතර පොලිස් අධිකාරී කාර්යාලයේ හෙට (26) පැවැත්වීමට නියමිත ඇගයීම් උත්සවයේදී ඔවුන්ට රුපියල් පනස් දහස බැගින් මුදල් ත්‍යාග පිරිනැමීමට නියමිතව තිබේ.
ගිනි අවි රැගත් කොල්ලකරුවන් එම ස්ථානයෙන් ඉවත්ව යාමටත් පෙර තුවාල ලැබූ පොලිස් නිලධාරීන් රෝහල්ගත කිරීමට ඉදිරිපත්වීම වෙනුවෙන් සිවිල් වැසියන් තිදෙනෙකුට එසේ උපහාරය පුදකරන බව මාරපන මහතා වැඩිදුරටත් කීය.
ඔවුන් විසින් මාතර රෝහල වෙත රැගෙන යනු ලැබූ පොලිස් සැරයන් සුරංග ප්‍රදීප් වීරසිංහ මහතා මරුමුවට පත්වූ අතර තුවාල ලැබූ අනෙක් සැරයන්වරයා හා පොලිස් කොස්තාපල් රියදුරුවරයා තවමත් වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටිති.
මෙම සිද්ධියේදී තම රාජකාරිය අකුරට ඉටු කළ තුවාල ලැබූ එම සැරයන්වරයා උප පොලිස් පරීක්ෂක ධූරයටද පොලිස් කොස්තාපල් රියදුරුවරයා පොලිස් සැරයන් රියදුරු තනතුරට උසස් කිරීමට මාතර පොලිස් අධිකාරීවරයා නිර්දේශ කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොහොම හොඳ තීරණයක් මෙන්ම ජීවිත පරදුවට තබා තම රාජකාරිය ඉටුකිරීම පිළිබඳව ... අදාළ නිලදරුවන් හට අපද ස්තුතිවන්ත වෙන්නෙමු.
බොහොම හොඳ තීරණයක් මෙන්ම ජීවිත පරදුවට තබා තම රාජකාරිය ඉටුකිරීම පිළිබඳව අදාළ නිලදරුවන් හට අපද ස්තුතිවන්ත වෙන්නෙමු.
ඒ ඇගයිම හරිම වටිනවා ඇත්තටම සතුටක්...
මුදල් පසුපස හඹා යන යුගයක මෙවන් විරුවන් නැතුවම නොවේ. ඔබලාට මගේ ප්‍රණාමය...!!! හොඳ ප්‍රවණතාවයක්...
මෙවන් කොල්ලකෑම් වලදී එදා තිබුන දුරදිග විහිදුම් බලකාය යොදාගන්න බැරිද ?
පොලිසිය අපරාධ කරුවන්ගේ හා දේශපාලුවන්ගේ සාක්කුවලට වැටෙන්නේ නැතුව ජනතාවත් සමග ඉන්නවා නම් ජනතාව පොලිසිය වෙනුවෙන් ජීවිත පරිත්‍යාගයෙන් වැඩ කරාවි. මේ උදාහරණයක්. දැක්ක නේද අර රත්නප්‍රිය බන්දු සැබෑ රණවිරුවාට තිබුන ජනතා ප්‍රසාදය.
බැහැ චානක බැහැ හේතු දෙකක් හින්ද 1) එක හමුදාවක් සිවිල් කටයුතුවලට ගන්න එකපාරට බැහැ දෙවෙන්න තමයි දිගුදුර විහිදුම් බලකායේ කාර්යභාරය වෙනස් . එයාල පුරුදු කරලා තියෙන්නේ මේවගේ ඒවාට නෙමි . මෙතෙන්දි ඕන වෙන්නේ නාගරික සටන් වලට පුරුදු අය පොලීසියටත් වැඩිය මේකට හොඳ එස් ටී එෆ් එක ( මේක පොලිසියට කරන අවමානයක් නෙමි ) එයාල එදා මෙතනට ආවනම් මේ කතන්තරේ මීට හුඟක් වෙනස් විදියකට ලියවෙන්න තිබුණ .
ඇත්තටම අද අනතුරුදායක අවස්ථාවක නොව සාමාන්‍ය වේලාවකදී උනත් අනතුරකදී හෝ විපතක් සිදු වූ අවස්ථාවක පිහිටට උදව්වට එන පිරිස බොහොමත්ම අඩුයි. එවැනි සමාජයක මෙවැනි අවස්ථාවක නිර්භීත ලෙස තම යුතුකම් කොටස සමාජය වෙනුවෙන් කරන්න ඉදරිපත් උන මේ උත්තම මිනිසුන්ට උපහාර පිදීම අගය කල යුතු කාර්යකි.
හමුදාව සම්පූර්ණයෙන් යොදවා මාස 03-04ක් තුලදී සියලුම කරදර කාරයින් තුරන් කරන්න. රටම දියුණු වෙනවා සත්තකට. මාර්ග නීති අකුරටම ක්‍රියාත්මක කරවන්න. රටම දියුණු වෙනවා සත්තකට. මේ කාලය තුල හමුදාව වෙන වෙන වැඩ වලට යොදවන්න එපා.