ජාතික පොලිස් කොමිෂන් සභාව සම්පාදනය කළ පොලිස් ආචාර ධර්ම පද්ධතිය පිළිපදින බව සියලු තරාතිරම්වල පොලිස් නිලධාරීන් සෙනසුරාදා (17) උදේ නවයට රාජ්‍ය නිවේදිත නිලධාරියකු ඉදිරිපිටදී ප්‍රතිඥාදී අත්සන් තැබිය යුතු බව පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා විශේෂ පොලිස් පණිවිඩයක් මගින් සියලු නිලධාරීන්ට දන්වා ඇත.
අත්සන් තැබූ ප්‍රතිඥාපත්‍රයේ මුල් පිටපත සේවා ලේඛණයේ අලවා අනු පිටපත නිලධාරියා භාරයේ තබා ගත යුතු බව ද ජයසුන්දර මහතා දන්වා තිබේ.
මහජනතාව සමඟ සම්බන්ධතාවය පැවැත්විය යුතු ආකාරය, නිල ඇඳුම්, දූෂණ ක්‍රියා, සැකකරුවන් සම්බන්ධයෙන් ක්‍රියා කිරීම, බලය පාවිච්චි කිරීම, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට සහ කණිෂ්ඨ නිලධාරීන්ට සැලකීම ආදිය එම ආචාර ධර්ම පද්ධතියේ සඳහන් වෙයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අත්සන ගහලා පිටපත අරන් තියාගත්තට පමණක් මදි. එය හොඳින් කියවා බලා තේරුම්ගෙන මින් ඉදිරියට ඒ අනුවම කටයුතු කිරීමටද වගබලාගත යුතුය (නි)
කකුළුවා පොඩි පැටවුන්ට කෙළින් යන්න කිවුව කතාව මතක්වුණා අපිට (නි)
මෙම ආචාර ධර්ම පද්ධතිය ගැන මහජනතාව දැනුවත් කරනවද? එහෙම කළොත් නේද හොඳ? (නි)