විශ්‍රාමික විනිසුරුවරියක් බව කියමින් චතුර ලෙස ඉංග්‍රීසි භාෂාව හසුරවමින් තරුණියන් රට රට වලට යැවීමට මුදල් ගෙන වංචා කළැයි කියන 50 හැවිරිදි කතක අත්අඩංගුව ගත් බව පොලිසිය කියයි.
මෙම කාන්තාවට නුගේගොඩ, කඩවත හා ඉඹුල්ගොඩ ගෙවල් ඇති බව පොලිසිය කියයි.
ඇය වංචා කළැයි කියන මුදල් කොපමණද යන්න සොයාගෙන යන බවත් ඉදිරියේ දී අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවත් පොලිසිය කියයි.
තමන් එතෙර යවන ලෙස ඉල්ලා පොලිසියේ දෙදෙනෙකු තරුණ යුවළක් ලෙස පැමිණ ඇය හමුවී ඇතැයි ද ඉන් පසු ඇය අත්අඩංගුවට ගත් බව ද පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පීරිස්, ඔයාට ඉංග්‍රීසි බැරිවුණ පළියට එහෙම කියන එක හරි මදි. ඔය සේරටම හේතුව ඉංග්‍රීසි වලට රැවටෙන එක නෙමෙයි. (නි)
අපේ පොලිසිය කවදත් දක්ෂයි (නි)
සල්ලි දෙන්න කලින් ඔය සල්ලි දීපු මිනිස්සුන්ට හොයන්න බැරි උනාද ගැනියෙක් ඉංග්‍රීසි කතා කරපු පලියට හොයන්නේ බලන්නේ නැතුව සල්ලි දෙන්න තරම් ඇත්තටම මිනිස්සු මෝඩද? (අ)
අද ඉන්න හුඟක් කාන්තාවන්ට සල්ලි කොච්චර තිබුණත් මදි. වංචාවෙන්ම තමයි ජීවත්වෙන්න හදන්නේ. (නි)
ඇයි වාහනයකින් ඇවිල්ලා දේපොළ නඩු කියනනයි කියලා බොරු කියලා පෝය දවසට පන්සල් වලින් සල්ලි එකතු කළ කාන්තාවක් ගැනත් පහුගිය කාලේ පත්තර වල ගියේ. (නි)
ඔන්න අද ඉන්න සමහර අම්මණ්ඩිලා කරන දේවල්. කීදෙනෙක් අමාරුවේ දාන්න ඇද්ද ඉංග්‍රිසියෙන් කතා කරලා. අවුරුදු 50 ක් වෙලත් ආගමක් දහමකන් ගැන මතක්වෙලා නැහැ (නි)
අද තාක්ෂණය දියුණුයි. හොර අල්ලන්න ලේසියි. මේ අය ඒවා දන්නේ නැහැ. (නි)
අපේ මෝඩයන්ටත් කවුරුහරි ඉංග්‍රිසියෙන් කතා කළොත් හරිම වැදගත්. මුද්‍රණය කරලා තිබුනොත් ඒක 100%ක් ඇත්ත කියලා තමයි අදටත් විශ්වාස කරන්නේ. (නි)
අපේ අයට කව්රුහරි ඉංග්‍රීසියෙන් කතාකළොත් හරි ලොකුවට පිළිගන්නවා. ඒකයිමේ සේරටම හේතුව. (නි)