නිට්ටඹුව මූලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක ප්‍රදීප් වීරසේකර මහතා හිටිගමන් මුලතිව් කොට්ඨාසයේ සාමාන්‍ය රාජකාරි සඳහා මාරු කර ඇත.
නීතීඥයකුට වංචාවක් කළැයි කියන පුද්ගලයකු සම්බන්ධ සිද්ධියක් පිළිබඳ පරීක්ෂණයේදී ඔහු ක්‍රියා කළ ආකාරය ගැන නොසතුටට පත් නීතිය හා සාමය අමාත්‍යංශයේ උසස් නිලධාරියකුගේ බලපෑමක් මෙම මාරුවට හේතුවන්නට ඇතැයි පොලිස් මූලස්ථානයේ උසස් නිලධාරියෙක් පැවසීය.
එම සිද්ධියේ දී නිට්ටඹුව මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා නීතිය අකුරට කර ඇතැයි ද, නමුත් ඔහු ස්ථාන මාරු කරන බව උසස් නිලධාරියකු පවතා ඇතැයි ද පොලිස් මූලස්ථානයේ ප්‍රකාශකයා කීවේය.
පොලිස් කොමිසමක් පත්කර තිබුණේ නම් ඔහු මෙලෙස මාරු කරන්නට නොහැකි බව පොලිස් ආරංචි පවසයි. මෙම මාරුවට එරෙහිව ඔහු අභියාචනයක් ඉදිරිපත් කර ඇති බවද දැනගන්නට ඇත.
ඔහුගේ ස්ථාන මාරුවට නිට්ටඹුව ප්‍රදේශවාසීහු නොසතුට පළ කරති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ විදියට කොහොමද රාජකාරි කරන්නේ.(ම)
මේ සරණ මහත්තයාගේ ගෝලයෙක්....(බ)
සහෝදර පාලනයයි යහ පාලනයයයි වෙනසක් නැතුව වගෙයි (ම)
කොමිසම් කියන්නේ තවත් විකාරයක් කියලා දැනටත් තියෙන කොමිසම් වලින් පැහැදිලි වෙන්නේ නැත්ද?ඕවට කාට හිතවත් සාමාජිකයෝද පත් කරන්නේ? (අ)
සංජු සමරසිංහ කියන්නේ (අ)
හරි වැරැද්ද බලල කතා කළ යුතුයි. මේ ගස්බැන්ද අය (අ)